කොළඹ ගෙවල් කඩිනමින් හදන්න උපදෙස් දෙයි පවතින ආර්ථික අර්බුද මධ්‍යයේ වුවද කොළඹ හා තදාසන්න ප්‍රදේශවල අඩු පහසුකම් ජනාවාස ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දෙයි. 10 October 2022
ඝාතනයක සැකකරුවකුගේ දෑත් කපයි තම දියණිය සමග යතුරුපැදියකින් යමින් සිටි පුද්ගලයකුට මාතර බ්‍රවුන්හීල් ප්‍රදේශයේ දී මග හරස් කර ඇති මෝටර් රථයකින් පැමිණි තිදෙනකු තියුණු ආයුධවලින් පහර දී දෑත් කපා බරපතල තුවාල සිදු කර ඇති බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 10 October 2022
රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ලග ජංගම දුරකථනයක් මුදල් වංචාවක් සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ රඳවා සිටින සුප්‍රසිද්ධ කාන්තාවක් වන තිලිනි පියුමාලි නැමැත්තිය සතුව තිබී ජංගම දුරකතනයක් අද (10) පෙරවරුවේ සොයාගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පුනුරුත්ථාපන හා පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. 10 October 2022
හොරමැරකම් නැනි තරුණ නායකයන් බිහි කළ යුතුයි හොරකම් නොකරන මිනීමැරුම් නොකරන රට වෙනුවෙන් කැපවන තරුණ නායකයන් නිර්මාණය කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. 10 October 2022
මවු කිරිවලත් ප්ලාස්ටික් විෂ මවු කිරිවල මයික්‍රෝ-ප්ලාස්ටික් සංඝටක ඇති බව ඉතාලි වෛද්‍ය පර්යේෂකයෝ පිරිසක් බිය පළ කරති. මවු කිරිවලින් ප්ලාස්ටික් විෂ හමුවුණු පළමු අවස්ථාව මෙය බව ද පැවැසෙයි. 10 October 2022
ප්‍රා.සභාපතිලාගේ තටු කපයි ප්‍රාදේශීය සභාවල විධායක බලය තනි සභාපතිවරයකු වෙනුවට සභාපති පාදක කාරක සභාවකට ලබාදිය යුතු බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පෙර මෙම සංශෝධන ඇතුළත් කිරීමට නීති කෙටුම්පත් සකස් කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි 10 October 2022
තැන් තැනට පොඩි වැස්සක් බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 October 2022
අධිවේගයේ අනතුරෙන් කතක් මරුට:හයක් රෝහලට අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කඩවත අතර ප්‍රදේශයේදී අද අළුයම ජීප් රථයක් වෑන් රථයක ගැටී සිදු වූ මාරක රිය අනතුරකින් කාන්තාවක මියගොස් 10 October 2022
ඛනිජ තෙල් සංස්ථාවට මාස හයට ඩොලර් මිලියන 90 අහිමි වේ නුසුදුසු බොරතෙල් තොග මිලදී ගැනීම සහ වැරදි මිලකරණ ක්‍රමවේදය යටතේ ඉන්ධන තොග මිලදී ගැනීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉකුත් මාර්තු සිට සැප්තැම්බර් දක්වා මාස 6 කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 90 ක මුදලක් අහිමි වී ඇතැයි රජයට ඉදිරිපත් කර ඇති නවතම විශ්ලේෂණ වාර්තාව පෙන්වා දෙයි. 09 October 2022
වරකාපොළදී වෙඩි කෑ කොල්ලකරුවෙක් මිය යයි වරකාපොළ දංඕවිට ප්‍රදේශයේ දී මත්පැන් හලක් කොල්ලකද්දී පොලිස් වෙඩි පහරින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතාකාර ලබමින් සිටි කොල්ලකරුකු අද (8 ) රාත්‍රියේ මියගොස් ඇති බව පොලිසිය පවසයි. 09 October 2022
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය හෙට සිට යළි කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු හෙට ( 10) උදෑසන සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 09 October 2022
ගාලුමුව දොරදී 6 ක් පොලිස් බාරයට අරගලයට සහභාගි වී සිටියදී මරණයට පත්වූ අරගලකරුවන් සැමරීම වෙනුවෙන් ‘අරගලයේ ජනතා විරු සමරුව’ ලෙස කොළඹ ගාලුමුවදොරදී අද (9) පස්වරුවේ පැවැති විරෝධතාවට සහභාගී වී සිටි පුද්ගලයන් හය දෙනකු භාරයට ගත් බව කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. 09 October 2022
රටේ වත්මන් අර්බුදයට හේතුව කාදිනල් තුමෝ කියති අප නිදහස ලබා ගත වූ අවුරුදු 74 මේ රටට වෙලා තියෙන්නේ රට ආපස්සට යාමයි ඒකට හේතුව ආත්මාර්ථකාමී පෙරේත මනුෂ්‍යයන් ටිකක් අපේ රටේ නායකයක් කරල තියෙනවා. 09 October 2022
ජනමත විචාරණයක් ගැන ජනපතිගෙන් ඉඟියක් ලබන වසරේ ජූලි මාසය වනවිට පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය කුමක්දැයි තීරණය කිරීමට අපොහොසත් වුවහොත් ජනමත විචාරණයක් පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 09 October 2022
කොටුවේ කත බිලියනයක් වංචා කරලා මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගෙන වංචා කළ බව කියන ව්‍යාපාරික කත සැංග්රිලා හෝටලයේ අධි සුඛෝප නිවසක වසර 1 1/2 පුරා වෙන්කවාගෙන මෙම වංචාව කර ඇති බවට තොරතුරු හෙළිව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 09 October 2022
පළාත් පාලන සභික ගණන අඩකින් අඩු කරයි ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. 09 October 2022
මාමණ්ඩියගේ පිහි පහරින් බෑණා මරුට හබරණ සේනාධිරියාගම ප්‍රදේශයේදී තියුණු ආයුද පහරකින් යුද හමුදා සෙබළකු මියගොස් ඇතැයි හබරණ පොලිසිය කියයි. 09 October 2022
හොර ඒජන්සියක් වටලා දෙකක් සැකපිට වලංගු බලපත්‍රයක් නැතිව අම්පාර හා කල්මුණේ නගරවල පවත්වාගෙන ගිය ව්‍යාජ එජන්සි දෙකක් වටලා ගමන් බලපත්‍ර 21 සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. 09 October 2022
පිය - පුතු ඝාතනයේ සුලමුල වසර 31කට පසු එළියට මොරටුව ප්‍රදේශයේ පර්චස් 12 ක ඉඩමක් අත්පත් කර ගැනීම සදහා මීට වසර 31කට පමණ පෙර පිය - පුතු දෙදෙනකු ඝාතනය කර මළ සිරුර බොල්ගොඩ වැව ආසන්නට දමා ගිය සිද්ධියට කතක ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ දිසා අපරාධ කොට්ඨාසය කියයි. 09 October 2022
මංගල්‍ය අස්සේ පොලිසිය මනමාලි උස්සයි මොරටුව අඟුලානේ උත්සව ශාලාවක පැවැති මංගල උත්සවයක් අතර තුර බාලවයස්කාර මනමාලිය සහ තරුණ මනමාලයා උත්සවය අතරතුර උඩරට මංගල ඇඳුම් පිටින් අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය පවසයි. 09 October 2022
විශේෂඥ වෛද්‍ය හිඟයට පිලියමක් ඉල්ලයි විශ්‍රාමයෑමේ වයස අවුරුදු 60කට අඩුකිරීමේ තීරණය හේතුවෙන් මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදා විශේෂඥ වෛද්‍යවරුන් 249 දෙනකු විශ්‍රාමයාමට නියමිත බවත්, ඒ හේතුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය තවත් උග්‍ර වනු ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. 09 October 2022
පියුමාලි ළඟ මුදල් තැන්පත් කළ හරි ලයිස්තුව දෙන්න තිලිණි ප්‍රියමාලිට මුදල් දුන් පුද්ගලයන් ලෙස සමාජ මාධ්‍යවල සංසරණය වූ ව්‍යාජ නම් ලයිස්තුව සැකසූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (9) පැමිණිල්ලක් කළේය. 09 October 2022
ලොතරැයි නියෝජිතයන්ගෙන් තරවටුවක් දැනට ලොතරැයි පතක් වෙනුවෙන් ලබාදෙන සියයට 17.05 ක කොමිස් මුදල සියයට 20 දක්වා කඩිනමින් වැඩි කිරීමට අවශ්‍ය පියවර නොගතහොත් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක යෙදීමට තීරණය කර ඇතැයි සමස්ත ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන් ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය . 09 October 2022
පල්ලියේ මත බේදයට පන්සලේදී විසැඳුම් (ඩී.ජී.සුගතපාල) ගිංතොට ප්‍රදේශයේදී මුස්ලිම් පල්ලියක දායක සභාවේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සංසිඳවීමට ගිංතොට තුන්මහල් විහාරාධිපති හිමියෝ කටයතු කළහ. 09 October 2022
රාගම වෛද්‍යවරයාගේ තවත් කෙරුවාවක් එළියට චෝදනා එල්ල වී ඇති රාගම රෝහලේ වෛද්‍යවරයා පිත්තාසයේ ගල් ඉවත්කිරීමේ සැත්කමකට ලක්කළ එඬේරමුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණියක වසරකට ආසන්න කාලයක් ඇඳට සීමාවී සිටින බව ඇයගේ පියා ‘ලංකාදීප’යට පැවසීය. 09 October 2022
එරික් ජා.ජ.බට කරනමක් ගහයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා ජාතික ජන බලවේගය සමග එක්ව ඇත. 09 October 2022
‘කළුවර වප් පෝය’ අවලංගු කරයි ආගමික ස්ථානවල විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් බලධාරීන්ගෙන් ලැබී ඇති බවත් විදුලි ගාස්තු ඉහළ දැමීමට විරෝධය දක්වමින් අද (9) පස්වරුවේ ආගමික ස්ථානවලවල විදුලි බුබුලු නිවා අඳුරේ තැබීමේ ක්‍රියාමාර්ගය අත්හිටුවූ බවත් ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ. 09 October 2022
එතෙර ඉසුරු ගලා ඒම වැඩි වෙයි විදේශයන්හි රැකියා වල නියුතු වන ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන විදේශ මුදල් ප්‍රමාණය අගෝස්තු මසට සාපේක්ෂව සැප්තැම්බර් මස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුව ප්‍රකාශ කළේය. 09 October 2022
’’රනිල් දැන් ඉන්නේ අපිත් එක්ක’’ එයාට බනින්න එපා රනිල් වික්‍රමසිංහට දැන් අපි හොඳ කියනවා මොකද එයා දැන් ඉන්නේ අපිත් එක්ක. අපි විශ්වාස කරනම එතුමා යහමඟට ඇවිත් යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය . 09 October 2022
වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. 09 October 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026