
( පුෂ්පකුමාර ජයරත්න )
නවාතැන් සඳහා කාමර කුලියට දෙන මුවාවෙන් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරයෙකු විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා ගණිකා වෘත්තියෙහි නිරතව සිටි තරුණියන් හය දෙනෙකු සමඟ පුද්ගලයන් සිවු දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලීසිය පවසයි.
නවාතැන් පොළක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය කුරුණෑගල නුවර මාර්ගයෙ ගැට්ටුවාන මංසන්ධිය ආසන්නයේ පවත්වාගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.
සැකකාරියන් රැඳී සිටි කාමරයක් පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ස්වල්පයක් සමඟ ගංජා ස්වල්පයක්ද සොයා ගැනීමට හැකිවූ බවද පොලීසිය පවසයි.
ගණිකා වෘත්තියේ නිරතවූ තරුණියන් මෙම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නට ඇති බවට පොලීසිය සැක කරයි.
විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු විසින් පවත්වාගෙන යාම හේතුවෙන් මෙම ස්ථානය කිසිවෙකුගේ සැකයට බඳුන්වී නැතත් කුරුණෑගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක කොබ්බෑවල මහතාට ලද තොරතුරකට අනුව මෙම ස්ථානය වටලා ඇත.
ගණිකා වෘත්තීයේ නිරතව සිටි තරුණියන් මෙම ස්ථානයේ සිට ඇත්තේ නවාතැන් පොලෙහි සේවය කරන පිරිසක් ලෙස වන අතර උපාය දූතයෙකු යොදවා මෙම ස්ථානය වැටලීමට පොලීසිය පියවර ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තරුණියන් වයස අවුරුදු 19 ත් 29 ත් අතර වයසෙහි පසුවන මොනරාගල , අනුරාධපුර , කොළඹ , බත්තරමුල්ල පදිංචිකරුවන් බවද කියයි. රුපියල් හය දහසක මුදලක් ගෙවා මොවුන්ගේ පහස ලබාගත හැකිව තිබූ බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන සිටින විශ්‍රාමික පොලිස් නිලධාරියා වැල්ලව පදිංචිකරුවෙකි. ඔහු සමඟ එම ස්ථානයේ රැඳී සිටි තරුණයන් තිදෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිදෙනෙක්ට රස්සා අහිමි කරලා ද මේ අමාරු කාලේ . මේවා අල්ලන එක මෝඩ වැඩ
මෙච්චර කරදරයක් වෙන්න ඕනේ නැහැනේ ගණිකා වෘත්තිය නීතිගත කළා නම්. මේ රටේ නීතියට පිටින් මොනතරම් දෙවල් සිදුවෙනවාද?
නිල්මිණීට ඔයතරම් දුකනම් මේවා නීතිගත කරන්න ඉදිරිපත් වෙන්න..
පොලිසිය කියන්නෙ පොලිසියේ අයටමත් කෙළින්න අවස්ථාවක් බල බලා ඉන්න ආයතනයක්. උදාහරණ එමටයි.විශ්‍රාම ගියත් පස්සෙන් එනව. දැන් ඒ ගැහැනුන් ගෙ අසරණ පවුල් වලට කන්න අඳින්න දෙන්නෙ පොලිසියෙන් ද ?
රස්සාවක් නැත්තනම් වෙන මොනවා කරන්නද?
මොනරාගල එක්කෙනාගේ නම්බර් එක දෙන්නකෝ... මම එයාව බාරගන්නම්... 27ට අඩුනම්, මම ඩිවෝස් කෙනෙක්...!
පුත්තලම දිස්ත්‍රික්කය තුළද එහෙම තැන් තිබෙනවා...