(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හෝමාගම සිට අඳුනක් බලමින් දුරකථනය ඔස්සේ ලබා දෙන උපදෙස් අනුව කිරිවත්තුඩුව මැද්දහේන වත්ත ප්‍රදේශයේ තාප්පයකින් වටවූ නිවසක් ඉදිරිපිට නිධානයක් හාරමින් සිටි කාන්තාවන් සිව් දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.
එම සැකකාරියන් සමඟ වතුර ඉසීම සඳහා යොදාගත් මෝටර්යක්, ප්ලාස්ටික් බට තොගයක්, පූජා භාණ්ඩ සහ මල් පහන්, බේසම් සහ බාල්දි පොලිස් භාරයට ගෙන ඇත
සැකකාරියන් අතර නිවෙස් හිමි 76 දි කාන්තාවක් මෙන්ම 20 හැවිරිදි තරුණියක් ද වන බව පොලිසිය කියයි
සෙසු සැකකාරියන් අතර අතර "මෑනි" යනුවෙන් හඳුන්වන කාන්තාවක් ද වන බව පොලිසිය කියයි
නිවස ඉදිරිපිට ලිද තුළ නිධානයක් තිබෙන බවට නිවෙස් හිමි 76 හැවිරිදි සැකකාර කාන්තාවගේ මියගිය සැමියා හීනෙන් පැවසූ බවත් අනතුරුව එය ගොඩ ගැනීම සඳහා හෝමාගම පනාගොඩ ප්‍රදේශයේ මෑණි කෙනෙක් හමුවට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
බහුතරයක් කාන්තාවන්ගෙන් සමන්විතව මෙම නිධානය ගොඩ ගැනීමට හැකි බව මෑනි යැයි කියා ගන්නා ලද කාන්තාව දින කීපයකට පෙර ලබාදුන් ලද උපදෙස් අනුව ඊයේ (3) දහවල් නිධානය ගොඩ ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කළ බව ප්‍රධාන සැකකාරිය පොලිසිය හමුවේ ප්‍රකාශ ලබා දී ඇත.
ඒ සඳහා සැකකාර මෑණි යැයි කියා ගත් කාන්තාව අඳුන බලමින් හෝමාගම පනාගොඩ සිට දුරකථනයෙන් උපදෙස් ලබාදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී
සැකකාරියන් සහ සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හීනෙන් කියු නිධානය ගන්න ගිය 5ක් මාට්ටු
Galkotuwe Gedara Suneth Hemantha Kumara Thursday, 04 May 2023 03:09 PM
අදුණට පොලිසියෙන් එනවා පෙනිලා නෑ ...