
(සිතුම් චතුරංග)
යාපනය ,කන්කසන්තුරය තිස්ස මහා විහාරයේ බෞද්ධ ඉදිකිරීම්වලට එරෙහිව දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් කණ්ඩායම් සංවිධානය කළ විරෝධතාවයක් අතරතුර පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය කියයි.
විරෝධතාවය අතරතුර දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු විරෝධතාකරුවන් අට්ටාලයක් සකස්කර විහාරස්ථානයට විරෝධය පලකරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමත් සමඟ එය වැලැක්වීමට උත්සහ කිරීමේදී විරෝධතාකරුවන් අතර දැඩි නොසන්සුන්කාරී තත්වයක් හටගැනින.
විරෝධතාකරුවන් නොසන්සුන්ව හැසිරෙමින් විහාරස්ථානයට හා ආරක්ෂක අංශ වෙත විරෝධය පලකිරීමත් සමඟ පොලිසිය හා යුද හමුදාව එක්ව තිස්ස විහාරය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තරකළ අතර රාත්‍රියේ විහාරස්ථානය අවට මාර්ග වසා දැමීමට පියවර ගැනින.
විරෝධතාකරුවන් පවසා සිටියේ යුද හමුදාව පෞද්ගලික ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් වෙහෙර විහාර ඉදිකිරීම් සිදුකරන බවත් එම ඉදිකිරීම් නවතාදමා සිවිල් ජනතාවට ඉඩම් ලබාදෙන ලෙසත්ය.
විහාරයේ චෛත්‍ය ඇතුළු ඉදිකිරීම් සඳහා කිසිදු අවසරයක් ලබාගෙන නොමැති බවත් බලහත් කාරයෙන් මෙම ඉදිකිරීම් සිදුකොට ඇති බවට විරෝධතාකරුවන් චෝදනා කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයන්ගෙ ටවුන් වල තියෙන කෝවිල් ටිකත් යාපනයට අරන් පලයල්ල එහෙනම්
බෞද්ධ අපි මොවුන් වගේ කුහක නෑ. බෞද්ධාගමට එරෙහිවන අයට හෙණම ගහනවා.
මෙයාලා කියන සංහිඳියාව තමයි ඒ. ඔවුන්ට ඕනෑ අපේ සත්‍ය ඉතිහාසය විකෘතිකර ඊනියා දෙමළ නිජබිමක් ආරෝපනය කරගෙන සිංහලයින්ව විනාශ කරන්නට විනා සමගියෙන් මිය යනතුරු මේ තමන්ගේම රට ලෙස සිතා ජීවත්වීම නොවෙයි.
ඔන්න ඔහේ කැසිනෝ එකක්, නයිට් ක්ලබ් එකක් හදලා දුන්නා නම් ඉවරයිනේ. ඕක හැදුවා කියලා ආගම වෙනස් කරනවා නෙමේනේ. ඕනෑම කෙනෙකුට ඕන ආගමක් අදහන්න පුළුවන්. ඔය පැත්තේ මනුස්සයකුට කීයක් හරි හොයා ගන්නත් පුළුවන්. මේ දේශපාලුවෝ රින්ගලා ඔය ප්‍රශ්න හදන්නේ...
සිංහල ප්‍රදේශවල තියෙන කෝවිල් ඉවත් කරන්න කටයුතු කරන්න වෙනවා...
බෞද්ධ විහාරයක් ඉඳි කරන්න අවසර ගන්න ඕනේද? ඔන්න බලා ගනිල්ලා ඝෝඨාභය නැති එකේ පාඩුව. මුන් රනිල් කියන ගොබ්බයාව අල්ලේ නටවන්න හදන්නේ. පාහර ජෙප්පෝ මික් කියන්නේ නැහැ.
රනිිිිල් කරන ඕන දෙයක් සිංහල බෞද්ධයො අනුුමත කරනව. රාජපක්ෂලත් කටක් අරින්නෑ. සජිත්ල හැරිලවත් බලන්නෑ. ජේවීපී කාරයො දෙමල, මුස්ලිම් වෙනුවෙන් දිවිහිමියෙන් කැගහනව. රනිිල්, සජිත්, මහින්ද, අනුර දෙමල, මුස්ලිිම් ගාවට දනගහගෙන, දෙකට නැමිල ජන්ද හිගමනේ යනව