ජපාන් ව්‍යාපෘති යළි ගන්න හැකි වෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය ශ්‍රී ලංකාවට ලැබීම මෙරට අත්හිටුවා ඇති ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ජපාන රජය කැමති කරවා ගැනීමට ප්‍රමාණවත් වනු ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇත. 09 March 2023
ඡන්දෙට වෙන් කළ මුදල් නොදෙන්න හේතුව කියයි රටේ ප්රමුඛ වියදම් ලෙස පෙළගස්වා තිබෙන වියදම් ලැයිස්තුවෙන් මුදල් කපා දැමිය යුතු වියදම් තිබේ නම් පෙන්වා දෙන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 March 2023
‘‘අයි.එම්.එෆ් ගියත් එක් රැයකින් ප්‍රශ්න අවසන් වෙන්නේ නෑ‘‘ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය මුදල සහ සහයෝගය ලබා ගත්තා කියා එක රැයකින් රටේ තිබෙන සියලු ප්‍රශ්න විසඳෙන්නේ නැතැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. 09 March 2023
ලොරියකට නංවා තරුණිය වනසලා නිවසට ඇරලවීමට ලොරි රථයක නංවාගෙන ගෙලට කිනිස්සක් තබා ලොරි රථයක් තුළ දී 18 හැවිරිදි තරුණියක් සමූහ දුෂණයකට ලක්කර ඇතැයි පොලිසිය කියයි 09 March 2023
ආණ්ඩුව තුනටත් පහලින් ඡන්දෙ කිව්වොත් ආණ්ඩුව ඉන්නේ තුනටත් පහලින් බව පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 March 2023
ඩොලර් එකේ මංකොල්ලයක් ඇමෙරිකානු ඩොලර් 1 ක මුදලක් බැංකුවකින් මංකොල්ල කෑමට ගිය පුද්ගලයකු ඇමෙරිකානු පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත. සැකකරු 65 වියැති ඩොනල්ඞ් සැන්ටාක්රොස් නැමැති පුද්ගලයකු බව ඇමෙරිකානු පොලිසිය ප්‍රකාශ කර තිබේ. 09 March 2023
අඩුවී ඇති වි අස්වනු නැංවීමට ජාත්‍යන්තර සහය ශ්‍රී ලංකාවේ වී අස්වනුවල අඩුවීමක් පසුගිය වසර 10ක කාලයේ දී දක්නට ලැබෙන බව අන්තර් ජාතික සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) පවසයි. 09 March 2023
එජාපය බලවත්ම කාලයේ සිටි මහ ලේකම් සමුගනී එක්සත් ජාතික පක්ෂයේ දෙවැනි මහ ලේකම්වරයා වන දහම් විමලසේන මහතා අද (09) අභාවප්‍රාප්ත විය. 09 March 2023
ආර්ථික අර්බුදය සමනය කරන කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට අද (9) පත් කරනු ලැබීය. 09 March 2023
මාස දෙකකදී විදෙස් රැකියා ජාවාරම්කරුවන් 24 ක් අත්අඩංගුවට විදේශ රැකියා ලබා දෙන බවට පවසමින් මුදල් ගැනීම ඇතුළු නීති විරෝධි කටයුතුවල නිරතවීමේ චෝදනාව මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය පසුගිය ජනවාරි සහ පෙබරවාරී යන මාස දෙක තුළ පමණක් පුද්ගලයින් 24 ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 09 March 2023
ලංකා සතොස භාණ්ඩ මිල තවත් අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 7 ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. 09 March 2023
‘ගෙවන්න බෑ හකුළ ගනිව්’ වෘත්තීය සමිති බහුජන සංවිධාන එකමුතුව සංවිධානය අධික විදුලි බිල සහ භාණ්ඩ මිල, බදු බරට එරෙහිව කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (9) උද්ඝෝෂණයක් පැවැත්වීය. 09 March 2023
රට අල වල බද්ද ඉහළට ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (8) සිට කිලෝවක් සඳහා රුපියල් 50 ක් දක්වා ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති. 09 March 2023
කොළඹ සරසවියේ අනධ්‍යයන සේවකයෝත් පාරට බසිති ඉහළ යන ජීවන වියදමට සහ විදුලි ගාස්තුවට විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවෝ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිට අද (9) පස්වරුවේ විරෝධතාවක නිරත වූහ. 09 March 2023
ඉන්දු - ශ්‍රී ලංකා පදනමේ අධ්යක්ෂවරු බෙන්තොටදී හමුවෙති ඉන්දු - ශ්‍රී ලංකා පදනමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ 38 වෙනි සැසිවාරය බෙන්තොට දී පැවැත්විණ. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගොපාල් භග්ලේ මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරොගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් සැසිවාරය පැවැත්වූහ 09 March 2023
බර වාහන බලපත්‍ර ලක්ෂ 11 ක් ගැන විශේෂ තීරණයක් පැරණි රියදුරු බලපත්‍ර ලෙස හදුන්වන යාවත්කාලීන නොකරන රියදුරුබලපත්රවලින් බර වාහන රියදුරු බලපත්‍ර ලක්ෂ 11 ක් පමණ යාවත්කාලීන කළ යුතු බවට නිර්දේශ කර ඇතැයි මෝටර් රථ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 09 March 2023
රුපියල තවත් ශක්තිමත් වෙයි ශ්‍රී ලංකා මහ බැංකුව අද(09) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව පෙර දිනට සාපේක්ෂව ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල තවත් පහළ ගොස් ඇත. 09 March 2023
ලංගම බසයටත් දුම් සහතිකය අනිවාර්යයි ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සියලුම බස් රථ දුම් සහතිකය ලබාගෙන ආදායම් බලපත්‍රය ලබාගත යුතු බවට එහි සභාපතිවරයා අනිවාර්ය කර තිබේ. 09 March 2023
රක්ෂණ සමාගම් වාහන 1500ක් උස්සගෙන ගිහින් ඇතැම් රක්ෂණ සමාගම් අසාධාරණ රක්ෂණ වාරික නොගෙවූ අහිංසක ගොවීන්ගේ මෝටර් සයිකල්, ටැක්ටර්, ගොවි උපකරණ මෙන්ම පාසල් ප්‍රවාහන බස්රථ 1500 ක් පමණ මෑත කාලයේදී උස්සාගෙන ගොස් ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවසීය. 09 March 2023
කැලණි සරසවි ආචාර්යවරු පාරට බසිති කැළණිය විශ්වවිද්‍යාලය ආචාර්යවරුන් සහ අනධ්‍යන සේවක පිරිස් අද (09) දහවල් උද්ඝෝෂණයක් ඇරැඹුහ. 09 March 2023
රෝහිත විපක්ෂයට අභියෝග ලැයිස්තුවක් දෙයි විපක්ෂයේ සිට පාලන බලය ඉල්ලන නායකයන් තමා ඉදිරිපත් කරන ප්‍රශ්න කිහිපයකට පැහැදිලි උත්තර දුන්නොත් තම සහය ඔවුන්ට ලබාදෙන බව පොදු ජන පෙරමුණේ පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 09 March 2023
රුපියලට වෙන්න යන දේ ඩොලරය හමුවේ මෙම වසරේ ලොව හොඳම ක්‍රියාකාරී මුදල් ඒකකය වූ ශ්‍රී ලංකා රුපියල මෙම වසර අවසාන වන විට නැවත වරක් පහළ යෑම ආරම්භ විය හැකි බවත් මෙම වසර අවසාන වන විට ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 20 කින් පහළ යා හැකි බවත් ෆිච් ශ්‍රේණිගත කිරීමේ ආයතනය පෙන්වා දී ඇත. 09 March 2023
රජරට සරසවි සිසුන්ගේ ලැප් ටොප් උස්සලා රජරට විශ්ව විද්‍යාලයේ පිරිමි සිසුන්ගේ නේවාසිකාගාර දෙකක තිබු රුපියල් ලක්ෂ අටකට වඩා වටිනා කමකින් යුක්ත ලැප්ටොප් වර්ගයේ පරිගණක පහක් කිසිවෙකු විසින් සොරා ගෙන ගොස් ඇතැයි මිහින්තලය පොලිසිය කියයි. 09 March 2023
ඡන්දෙට සල්ලි නොදුන්නොත් ආපහු උසාවි යනවා ඡන්දෙට මුදල් නොදුන්නොත් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධව නැවත වතාවක් අධිකරණයට යන බව සජබ පත්කළ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 09 March 2023
ෆොන් එක කනේ තියාගෙන ගියා යැයි කන කපලා තියුණු ආයුධයකින් කන් පෙත්තක් කපා දැමීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයෙකු අද (09) මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 09 March 2023
ගුටි කෙළිය රෝහලෙන් කෙළවර වෙයි මොරන්තුඩුව ප්‍රදේශයේ විදුහලක 11 වසර සිසුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන එම විද්‍යාලයේම සිසුන් පිරිසෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරන්තුඩුව පොලිසිය කියයි. 09 March 2023
මඩ පොහොර නැව ලබන 17 කොළඹ වරායට වී වගාව සඳහා අත්‍යවශ්‍ය මඩ පොහොර හෙවත් TSP- Triple Super Phosphate මෙට්‍රික් ටොන් 36,000ක් සහිත පොහොර නැව මෙම මස 17 දින කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබේ. 09 March 2023
ඩොලර් හැංගු අය අමාරුවේ දේශපාලන පක්ෂ විසින් කළ ප්‍රකාශ විශ්වාස කිරීම නිසා ඩොලර් සඟවාගෙන සිටි අය අද අමාරුවේ වැටී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 09 March 2023
පියාගේ දැලිපිහි පහරින් පුතා රෝහලේ පස්සර ගෝනකැලේ වත්තේ දී සිය 18 හැවිරිදි පුතා දැලිපිහියකින් කැපූ පියෙකු අද (9) සැකපිට අත්අඩංගුවට ගත් බව පස්සර පොලිසිය පවසයි . 09 March 2023
මුහුදට වැටුණු ධීවරයා අතුරුදන් ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක ධිවරයෙකු මුහුදට වැටි අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි. 09 March 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026