(අංජුල මහික වීරරත්න)
රටවල අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා සහය දැක්වීමේදී පොදුරාජ්‍ය මණ්ඩලයට වැදගත් කාර්ය භාරයක් පැවරී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර දී පැවසීය.
ඩිජිටල්කරණය තුළින් පොදු රාජ්‍ය මණ්ඩල සබඳතා ශක්තිමත් කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් අතර මෙම හමුව පැවැත්විණි.
මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඝානා ජනාධිපතිවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට ද එක්වූ අතර සමුළුවට සමගාමීව පැවැත්වූ 'Fireside Chat' වැඩසටහනට මහාචාර්ය වික්‍රමසිංහ මහත්මිය සහභාගී වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජාභිශේකය අධ්‍යාපනයට ඩිජිටල් කරණයට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒ රටේ මිනිස්සු, ලෝක නායකයෝ සාමාන්‍ය දිනචරියාවෙන් වෙන්වෙලා සැහැල්ලුවෙන් ඉන්නකොට මොහු බරපතල කරගෙන... අපේ අක්කා පොඩිකාලේ අනං මනං කරනකොට අම්ම බනිනවා රට්ටු හිනස්සන්න එපා කියලා...
ගිය පාර දේශගුණික විපර්යාස සමුලුවකුත් අමතලා, අනිත් රටවල රාජ්‍ය නායකයින්ට ගෙදර වැඩකුත් දුන්නා නේද? කවුරුවත් එක සත පහකට ගණන් ගත්තේ නැහැ.., පිනාගෙන් ඒ මිනිසුන්ට පුදුම කරදරයක් තියෙන්නේ...