
(චින්තක ක්‍රීෂාන්ත බාලසුරි)
පොලොන්නරුව ගිරිතලේ මාර්ගයේ දියබෙදුම නගරයට අද දහවල් කඩා වැදුණු වල් අලියකු කඩ සප්පු හා නගරයේ නවතා තිබු වාහනවලට හානි කරමින් ඒවා විනාශ කළේය.
වල් අලියා කුලප්පු වි වාහන විනාශ කරමින් නගරය එහෙමෙහේ දිව යද්දි ජනතාව ආරක්ෂිත ස්ථාන කරා දුවගොස් ඇති අතර නගරයේ පාළු ස්වභාවයක් ගත්තේය.
වල් අලියා ප්‍රධාන මාර්ගයේ තිබූ වාහන රැසකට පහර ඒවා විනාශ කළේය.
අලුයම් කාලයේ නගරයේට පැමිණ ඇති මෙම අලියා දියබෙදුම ප්‍රාදේශීය රෝහල් භූමියට කොටුවී සිටියදී ජනතාව දැකීමත් සමඟ රෝහල් භූමියෙන් ප්‍රධාන මාර්ගයට පැමිණ නගරය කරා පැමිණ එම මාර්ගය දිගේම ගිරිතලේ ස්වභාවික රක්ෂිතයට පලා ගියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩේ....අර පාර්ලිමේන්තුවේ යකා නටන තනි වල් අලියාගේ නෑයෙක්ද දන්නේ නෑ.
පාලිත නගරයට ආවා වෙන්නැති...
යනඑන මං නැතුව හිටි දඩාවතේ ගිය තවත් තනි වල් අලියෙක් පාර්ලිමේන්තුවට ගෙනත් දැන් යකා නටනවා.