(අජන්ත කුමාර අගලකඩ)

වන අලි ගම්වැදීම වැළැක්වීම සඳහා ඉදිකර ඇති අලි වැටවල් ආරක්ෂා කිරීමට යොදවා ඇති  පිරිසට වැටුප් ගෙවීම සඳහා වසරකට රුපියල් කෝටි පන්සියයක් පමණ වැයවන බව ද හෙතෙම සඳහන් කළේය.

අලි වැටවල් ආරක්ෂා කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ 4500 පමණ යොදවනු ලැබ ඇතැයි වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාපැවසීය.

මීට අමතරව, බහුකාර්ය සේවා බලකායේ ද 4500ක් පමණ අලි වැටවල් ආරක්ෂා කිරීමට යොදවා ඇතැයි හෙතෙම කීවේය.

අලි වැටවල් ද රජයේ වියදමින් ඉදිකර,ඒවා බලා ගැනීමට මෙතරම් විශාල මුදලක් යොදවා ආරක්ෂකයන් යෙදවීම ගැටලුවක් බව කී තෙන්නකෝන් මහතා අලිවැටවල් ඉදි කළ ද,වන අලින් ගමවැදීම සහ අලි මිනිස් ගැටුම් අඩු වී නොමැති බවද ප්‍රකාශ කළේය.

එබැවින් මේ සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගත යුතු කාලය එළඹ ඇතැයි ද ඔහු කීවේය.

මේ අතර,සිවිල් ආරක්ෂක බලකායේ ආරක්ෂකයන් දෙදහස් පන්සියයක් පමණ ආගමික ස්ථානවල ආරක්ෂාවට යොදවා ඇතැයි වැඩබලන ආරක්ෂක ඇමතිවරයා සඳහන් කළේය.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ තිස්තුන් දහසක පමණ පිරිසක් සේවය කරති.