(යොහාන් භාසුර)

වනජීවී සම්පත මෙරටට විදේශ විනිමය ගෙන ඒම සඳහා යොදාගත හැකි බවත් දිවි දෙවෙනි කර රාජකාරි කරන වනජීවී නිලධාරීන්ට රාජකාරිය තුළ සිදුවන අනතුරු සහ ජීවිතය අවසන්වීම් වෙනුවෙන් වන්දි ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව මේ වනවිට සකස් කර ඇති බව කීය අමාත්‍යවරිය දිවිය දෙවැනි කර රාජකාරිකරන නිලධාරීන්ට රාජකාරිය වෙනුවෙන් සහතිකයක් මෙන්ම එම නිලධාරීන්ගේ කැපකිරීමට අගයක් ලැබිය යුතු බවද සඳහන් කළාය.

ගිරිතලේ ප්‍රදේශයේදී ස්ථාපනය කළ වනජීවී පුහුණු හා පර්යේෂණ සඳහා වන ආයතනය විවෘත කරමින් අමාත්‍යවරිය එසේ පැවසුවාය. ඇමරිකානු ආධාර යටතේ මෙම පුහුණු හා පර්යේෂණ ආයතනය රුපියල් කෝටි 105 ක් පමණ වැයකර ඉදිකර තිබේ.

මෙහිදී අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සතුන් සුරතල් කිරීම ද කැපී පෙනුණි.