
(නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිණි)
පොළොන්නරුව මහ රෝහලේ, පිරවු හා හිස් ඔක්ස්සිජන් සිලින්ඩර් 80 සොරකම් කර පිට පළාත්වලට විකුණු රෝහලේ ඔක්ස්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්ය සහායකයා ඇතුළු හය දෙනකු, ලොරි රථයක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
ප්‍රධාන සැකකරුවා පොලොන්නරුව පලුගස්දමන ප්‍රදේශයේ පදිංචි, 43 වියති අයකු වන අතර සෙසු සැකකරුවන් හෙයියන්තුඩුව සහ රාජගිරිය ප්‍රදේශයේ පදිංචි, ඔක්ස්සිජන් සිලින්ඩර් දිවයිනේ විවිධ ප්‍රදේශවල රෝහල්වලට සැපයුම් කරන පුද්ගලික ආයතනයක සේවකයන් බව පොලොන්නරුව කොට්ඨාස විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.පී. ආර්.කේ. ජාගොඩගේ මහතා අප කළ විමසීමකදී පැවසීය.
පොළොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පොළොන්නරුව මහ රෝහලේ ඔක්ෂිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්යය සහායකයා අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමෙන් පසු මෙම ජාවාරම හෙළි වී ඇති බවද පොලිසිය පවසයි.
2020 මාර්තු මාසේ සිට මේ දක්වා, පොළොන්නරුව මහ රෝහලේ ඔක්ෂිජන් සිලින්ඩර් 208 ක් අතුරුදන් වී ඇති බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා කළ පැමිණිලලේ සඳහන්ව ඇතැයි පොලොන්නරුව කොට්ඨාය විමර්ශන අංශය සඳහන් කරයි,
පොළොන්නරුව මහ රෝහලේ ඔක්සිජන් සැපයුම් අංශයේ සෞඛ්‍ය කාර්ය සහයකයා එක් ඔක්සිජන් සිලින්ඩරයක් රුපියල් 30,000 ටත් 40,000 කටත් ඔක්සිජන් සැපයුම්කරුවන්ට ලබාදී ඇති බවත්, සැපයුම්කරුවන් සෞඛ්‍ය කාර්යය සහායකයාගේ පෞද්ගලික ගිණුමට රුපියල් ලක්ෂ දාහතරක මුදලක් බැරකර ඇති බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි,
(ඡායා නිමල් ජයරත්න සහ චාපා මධුභාෂිණි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් වලට සම්බන්ධ සැපයුම්කරුවන් බොහෝමයක් එම ආයතනවලම සේවය කරන අය තමයි ඔවුන්ට පිටස්තර කිසිවෙකුට ටෙන්ඩර් ක්‍රමයටවත් සැපයීම කරන්න අමාරු... මොකද මම දවසක් ඇහුවා සබරගමුවේ පළාත් කාර්යාලයේ පරිපාලන නිලධාරි කාමරේක හිරකර ටෙන්ඩර් ගැනීමට දෙපාර්තමේන්තු රියදුරෙක් උත්සාහ කළා කියන කතාවක්. මේක සිදුවෙලා දැනට අවුරුදු දහයකට වැඩියි... මට හිතෙනවා සෞඛ්‍ය සේවා සඳහා මිලදී ගැනීමේ වියදම් බොහෝමයක් නාස්තිකාර වියදම් කියලා සල්ලි දෙයියන්ගේ මල්ලිනේ...