(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ගෝමරන් කඩවල කරගහවැව ගම්මානයට අද සවස් කාලයේ කඩා වැදුණු වල් අලි රංචුවක් එලවීම ට ගිය නිලධාරීන් පිරිසක් අතරේ සිටි සිවිල් ආරක්ෂක බළකායේ භටයකුට වල් අලියකු පහරදීම නිසා එම භටයා මියගිය බව ගෝමරන්කඩවල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ආනන්ද ගාමිණි (010098) නැමැති සිවිල් ආරක්ෂක බළකායේ භටයෙකි.
වනජීවී නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බළකායේ භට කණ්ඩායමක් කරගහවැව ගම්මානයට කඩා වැදුණු වල් අලි රංචුව එළවීමට උත්සහ කිරීමේදී මෙම සිවිල් ආරක්ෂක භටයාට වල් අලියකු පහරදී ඇතැයි ගෝමරන් කඩවල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුයි.. ඒත් නොකියා බැරි ඇත්ත.. මේ සිවිල් ආරක්ෂක බලකාය කිසිම දේකට ඵලක් නැති දේශපාලන වැඩට ගාවගෙන ඉන්න අර සරත් වීරසේකර ලොක්කගේ අතවැසියන් රෑන නොවේද? රටේ බදුමුදල් කොල්ලකෑම නවතා මේ බලකාය විසුරුවාලීම කළ යුතුයි.