(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගාලු පාර කළුතර ප්‍රදේශයේ හෝටලයකට තරුණයකු සමඟ පැමිණි 16 හැවිරිදි දැරියගේ නිරුවත් මළ සිරුර හෝටලය පිටුපස දුම්රිය මාර්ගයේ වැටී තිබියදී සොයා ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි.
මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දැරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැරිය සමග හෝටලයට පැමිණි බව කියන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර දැරිය සමග කාමරයේ රැඳී සිටි බව කියන තරුණයා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය දැරිය තවත් කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් දෙදෙනකු සමඟ ඊයේ සවස පස්මහල් හෝටලයට පැමිණ කාමර 2 ක් කුලියට ඉල්ලා ඇති අතර ඔවුන්ට තෙවන මහලේ කාමර දෙකක් කුලියට ලබා දී තිබූ බව පොලිසිය කියයි.
16 හැවිරිදි දැරිය සමග සිටි තරුණයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.
තරුණිය පැන්නාද වැටුනා දැයි දැනගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම බකිංහැම්...
අද සමාජය කොතරම් දුරට දූෂිතදැයි කීමට තවත් එක් උදාහරණයක් මේ...