(අජන්ත කුමාර අගලකඩ)

නව පොලිස්පතිවරයකු පත්කිරීම ලබන මස අගදී සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට දී ඇති මාස තුනක සේවා දිගුව ලබන ජුනි මස 26 වැනිදායින් අවසන් වීමට නියමිත අතර ,ඒ සමගම නව පොලිස්පතිවරයකු පත් කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත සී ඩී වික්‍රමරත්න මහතාගෙන් පුරප්පාඩු වන පොලිස්පති ධුරයට පොලිස් දෙපාර්තමේන්තුව තුළ තියුණු තරගයක් හටගෙන ඇති අතර,ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන,ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ගේ නම් පොලිස්පති ධුරයට යෝජනා වී ඇති නම් අතර වන බව දැනගන්නට ඇත .