(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එල්ල වී ඇති ස්ත්‍රී දුෂණ චෝදනා වලට වරද පිළිගන්නේද නැද්ද යන්න ප්‍රකාශ කිරීම සඳහා තවත් සති දෙකක් බලා සිටීමිට සිදුවීම හේතුවෙන් නිව් සවුත් වේල්ස් නීති බලධාරීන්ගෙන් නඩු ගාස්තු අය කර ගැනීමට බලාපොරොත්තුවන බව ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත.
ගුණතිලකගේ නීතිඥවරයා අද (04) දින නඩුව කැඳවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.ධනුෂ්ක ගුණතිලක විදෙස් ජාතිකයෙකු බැවින් නඩුව කල් තැබීමෙන් මහත් අපහසුතාවයකට මුහුණ දීමට සිදුවන බවත් දැඩි ඇප කොන්දේසි මත සිටීම හේතුවෙන් ඔහුට කිසිඳු සහායක් නොමැති බවත් ඒ හේතුවෙන් නඩු දිනය ප්‍රමාද වීම පිළිගත නොහැකි බවත් නීතිඥවරයා පෙන්වා දී තිබේ.
ඒ හේතුවෙන් මීළඟ නඩු දිනය වන එළඹෙන 18 වැනිදා, නිව් සවුත් වේල්ස් නීති බලධාරීන්ගේ අධ්‍යක්ෂකවරයාගෙන් නඩු ගාස්තු ඉල්ලා අයැදුම් පත්‍රයක් අධිකරණයේ හමුවේ ගොනු කිරීමට සුදානම් බව ගුණතිලකගේ නීතිඥවරයා පවසා ඇත.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දනුෂ්කගේ නඩුව කල් ගියාට නීති බලධාරීන්ගෙන් නඩු ගාස්තු ඉල්ලනවා
මහේෂ් Friday, 05 May 2023 01:24 PM
කුම්බලා මාළු කෑවනම් බළලෝ......