
(විමුක්ති එස් රුද්‍රිගු)
චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගිවීමට බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලංකා සම්භවයක් සහිත වෛද්‍යවරයකු වන හරීන් ද සිල්වා මහතාට ද ආරාධනා ලැබී තිබේ.
කොවිඩ් වසංගතය කාලයේදී සිදු කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් ද වෛද්‍ය හරීන් ද සිල්වා මහතා පිදුම් ලබා ඇත.
එම පදක්කම දෙවැනි එළිසබෙත් රැජින විසින් පිරිනමන ලදි.
තමන් ශ්‍රී ලංකාවේ සිට පැමිණ ලන්ඩනයේ දුප්පත් ප්‍රදේශයක හැදී වැඩුණු බවත් රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබීම තමන් ලැබූ ගෞරවයක් බවත් වෛද්‍ය හරීන් ද සිල්වා මහතා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට හරිම ආඩම්බරයි අනේ. හොඳට නැමිලා රජුට වඳින්න.
අනේ මන්දා ... මේවා ඔය තරම් ලොකු දේවල්ද?
රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන තම සුඛවිහරණය උදෙසා වෙනත් රටකට ගොස් තම මව්බිමේ අහිංසක ජනයාගේ බදු මුදලින් ලබාගත් දැනුමෙන් තවත් රටකට සේවය කරන ගමන්, ඔවුන්ගේ රජවරුන්ට උත්තමාචාරය දක්වන තැන ටයි එකකුත් එල්ලාගෙන ඉන්න එක මහා ලොකුදෙයක් වෙන්න ඇති ඇතැමුන්ට..
කුහක කමෙන්ට්ස් දාන්නේ ජවිපය බව ලොවම දනී...
වෙල්ලස්සත් රටේත් නිරායුධ අහිංසක අපේ ජනතාව ඝාතනයකර රටම ලෙයින් තෙත් කළ, ජාතික වීරවරයින්ගේ භික්ෂූන් වහන්සේලාට බෙලිකපා වෙඩිතියා ඝාතනය කළ මොවුන්ගේ උත්සව වලට නොයන්න, පසුගිය වසරේ වරණ භේදය නිසාම ලන්ඩන්වල දරුවන්ට 26ක් පිහියෙන් ඇන ඝාතනය කිරීම මොන තරම් සාහසිකද? ඒ අය අතර අහිංසක ලාංකික දරුවෙකුත් ඉන්නවා...
කෝවිඩ් කාලයේ නම් ලංකාවේ දොස්තර මහත්වරු ජනතාවට දෙයියෝ වගේ හිටියා. ඒත් මේ දිනවල දක්නට නැතත් සමහර අවස්ථාවල සමහර අය යමපල්ලන් වගේ වීම තමයි ඉවසන්න අමාරු... ඒ නිසා ලංකාවේ ඉතාමත් කැපවීමෙන් වැඩකරන මානුෂික ගුණධර්ම සහිත දොස්තර මහත්ම මහත්මීන් සඳහා ජනතා මතය අනුව උපහාර දීමට කටයුතු කරනවා නම් ඉතාමත් හොඳයි...