(අංජුල මහික වීරරත්න)
ලාංකිකයන්ගේ ජනජීවිතයට බලපාන ව්‍යාපෘති තුනක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජයේ අවධානය යොමුවී ඇත.
ලාංකිකයන් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීම, සූර්ය විදුලි බල ව්‍යාපෘතිය හා ඉන්දියාව හා ලංකාව අතර නෞකා සේවයක් ආරම්භ කිරීම එම කඩිනම් ව්‍යාපෘති තුනයි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා හා ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අතර පැවැති හමුවකදී මේ පිළිබඳව සාකච්ඡා කොට තිබේ.
මෙරට පුරවැසියන් සඳහා නවීන තාක්ෂණයෙන් යුතු හැදුනුම් පතක් නිකුත් කිරීම සඳහා ආධාර කිරීමට ඉන්දීය රජය කැමැත්ත පළ කර ඇති අතර ඊට අදාල කටයුතු මේ වන විට සක්‍යතා මට්ටමේ පවතින අතර එය කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව සාගල රත්නායක මහතා පැවසීය.
උතුරේ දූපත් තුනක සුර්ය විදුලි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට නියමිත අතර එය කඩිනමින් ආරම්භ කිරීම ගැන ද මෙහිදී සාකච්ඡා කොට තිබේ.
ඊට අමතරව ඉන්දියාවේ රාමේෂ්වරම් හා තලෙයි මන්නාරම අතර පෙරි යාත්‍රා නාවුක සේවයක් ආරම්භ කිරීමට අදාලව ද සාකච්ඡා කොට ඇති අතර කන්කසන්තුරේ හා ඉන්දියාවේ කරිකාල් අතර පෙරි සේවය ආරම්භ කිරීමෙි කටයුතු අවසන් අදියරේ පවතින බව සාගල රත්නායක මහතා සඳහන් කළේය.
මෙම කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමටද මෙහිදී දෙපාර්ශවය එකඟතාවයට පැමිණ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
India will issue to their ROW members too with Sri Lanka ID cards.
ලෝකයේ ඇති දුර්වලම හැඳුනුම්පත තියෙන බංකොළොත් රටක ජනතාවට ලෝකයේ කිසිම රටක නැති වර්ගයේ අති නවීන හැඳුනුම්පතක් ලබා දීමට උත්සාහ කිරීමෙන් ඉන්දියාව මොකක්ද බලාපොරොත්තු වෙන්නේ. සියලුම ජනතාවගේ දත්ත රැස් කිරීම සහ ඉන්න ස්ථාන හඳුනාගැනීමද?
අපි ඉන්දියාවේ තවත් එක් ප්‍රාන්තයක්ද? නැත්නම් ප්‍රාන්තයක් වෙමින් පවතීද?
කොළඹ සිට ටුටිකෝරින් යාත්‍රාව ආයිත් පටන්ගත්තනම් සංචාරක ව්‍යාප්තියට හොඳ නේද? අපේ සංචාරකයන්ට නාවුක යාත්‍රා පුරුදු නෑ.ඒක පටන්ගන්න උනන්දු කරවන්න.
තාම ඉන්දියාවේ හැමොටමත් හැඳුනුම්පත් නෑ නේ...
හපොයි ! එහෙ ඉඳන් නැවුත් ආවොත් එන එන ඉන්දියන් කාරයා මෙහේ නතර වෙලා කාලයක් ගිහින් රටේ පලුුවක් ඉල්ලයි ඔවුන්ගේ කියලා. 2023 ලෝක ජනගහනය අධිකම රට මෙන්ම ඒ ජන ගහනය ලෝකයේ අනෙක් රටවලට හිසරදයක් වෙච්චි රට....
තාම ඉන්දියාවෙන් පාඩම් ඉගෙන ගත්තු නැති මෝඩ පාලකයින් ඉන්න රටක්... මේ වැඩේ ඉන්දියාවට දෙන්න යන්නේ කොමිස් ගහන්න තමයි. එහෙම නැතුව මේ ලංකාවේ නැති තාක්ෂණ විශේෂඥයෝද? ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානය නැත්තටම නැති කළ රණවිරුවන් ඉන්න රටක් මේක... හැබැයි ඉන්දියාව තමයි මේ රටේ ත්‍රස්තවාදය පෝසත් කලේත්...
නූතන ලෝකයේ සිටින ඉතාමත් ආක්‍රමණශීලී මිනිසා... නායකයා වෙන්නේ මෝදි...