
(අංජුල මහික වීරරත්න)
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ලන්ඩන් නුවරට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල නායකයන් සහ තෙවන චාල්ස් රජු අතර හමුව සාර්ථකව අවසන් විය.
ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මියගෙන් මීට මසකට පමණ පෙර කරන ලද ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වුණු බව ජනාධිපති කාර්යාලයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලු රටවල නායකයන් රාජාභිෂේක උළෙලට සහභාගී වන හෙයින් එම නායකයන් සහ චාල්ස් රජු අතර හමුවක් සංවිධාන කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් වරියගෙන් ඉල්ලා තිබිණි.
බ්‍රිතාන්‍ය රජ පවුලේ ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම රාජාභිෂේක උත්සවයට සහභාගී වෙයි.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් ඇබී හිදී අද (6) පැවැත්වෙයි.
තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් 4 වැනිදා පෙරවරුවේ මහා බ්‍රිතාන්‍ය බලා පිටව ගියේය.
රාජාභිෂේක උත්සවයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 8 වෙනි දා පෙරවරුවේ නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජාභිෂේකය කියන්නේ උත්සවයක්. සැමරීමක්. ප්‍රීතිමත් අවස්ථාවක්. මොහුගේ අති පණ්ඩිතකමට එයට දේශපාලනයක් ගාව ගෙන. රජාට පක්ෂපාතිත්වය පෙන්වන්න රැස්වීම ඉල්ලලා. රජපවුලවත් බලාපොරොත්තු නොවුණු ලොන්ඩරි වැඩක් කරලා තියෙන්නේ. ජාත්‍යන්තර නායකයා නම හදා ගන්න විදිය.
All the best Mr. President Ranil
"පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලු රටවල නායකයන් රාජාභිෂේක උළෙලට සහභාගී වන හෙයින් එම නායකයන් සහ චාල්ස් රජු අතර හමුවක් සංවිධාන කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් වරියගෙන් ඉල්ලා තිබිණි." මේවා හොඳයි සාගල වගේ අයව චූන් කරන්න.
ජෙප්පෝ මෙහෙ බෙරිහන් දෙනවා. අපේ ලොක්කගේ ඉල්ලීමටයි පොදුරාජ්‍ය මණ්ඩලය රැස්වෙලා තිබෙන්නේ. අපේ ලොක්කා නොගියානම් මොකක්ද තත්ත්වය? පොදුරාජ්‍ය මණ්ඩලය රැස්වෙන්නේ නැහැ? අනුරට පුලුවන්ද පොදුරාජ්‍ය මණ්ඩලය රැස්වෙන්න කියන්න අම්මපා?
චාල්ස්ගෙ රාජාභිශේකයත් කරන්න කියලා ඉල්ලලා තියෙන්නෙ රනිල් ලු... වජිර හෙට අනිද්දම කියයි... ඒකට පවුම් කෝටි 10 ක් ඉල්ලුවෙත් රනිල් ලු... හෙට අනිද්දම රංගේ බංඩා කියයි... 6 වෙනිදා එංගලංතෙ බැංකුවලට නිවාඩු දෙන්න කිව්වෙ රනිල් ලු... හෙට අනිද්දම අකිල කියයි....