(රංජිත් රාජපක්ෂ )
රාත්‍රි තැපැල් දුම්රියෙන් පැමිණ හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවේ විවේක ගන්නා දුම්රිය මගින්ගේ මුදල් පසුම්බි සොරාගන්නා සැකකරුවකු සිය බාරයට ගත් බව හැටන් පොලීසිය කියයි.
හැටන් දුම්රිය ස්ථානයේ විශ්‍රාම ශාලාවේ රාත්‍රි තැපැල් දුම්රියෙන් පැමිණෙන දුම්රිය මගින් බස් රථ පැමිණෙන තුරු විශ්‍රාම ශාලාව තුල විවේක ගන්නා අතර, එම මගින් විශ්‍රාම ශාලාවේ නිදා ගැනිමෙන් අනතුරුව සැකකරු මගින් සතු මුදල් පසුම්බි සොරාගෙන ඇති බව හැටන් පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරින් දැනට කරන ලද මුලික විමර්ෂණයේදි අනාවරණය වි ඇත.
අද (08) අලුයම විශ්‍රාම ශාලාවේ විවේක ගනිමින් සිටි මගියෙකුගේ මුදල් පසුම්බියක් සොරකම් කර පලායමින් සිටි සැකකරු අල්ලා පොලිසිය වෙත භාර දිමට එම මුදල් පසුම්බියේ අයිතිකරු කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, එම සැකකරුගේ මුදල් පසුම්බියේ ජාතික හැදුනුම්පත් කිහිපයක් , බැංකු කාඩ්පත් කිහිපයක් සහ කාන්තා ඡායාරුප කිහිපයක් තිබු බවයි හැටන් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරු වෙනත් පොලිස් ස්ථාන වලට අවශ්‍ය පුද්ගලයෙකුද යන්න පිලිබදව විමර්ෂණය කර සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසියේ විවිධ පැමිණි අංශයේ නිලධාරින් පැවසිය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දුම්රියේ පොකට් ගසා පොලිස් කූඩුවේ