
(ෂේන් සෙනෙවිරත්න)
මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් පසු ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දමා රටින් පිටව යාමට සූදානම්ව සිටී කටාන හල්පේ අල් ඔබේදාන් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ හිමිකරු සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු එය නැවතත් පවත්වාගෙන යාමට එකඟ වූ බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු බලධාරීන් ඇඟළුම් කර්මාන්ත ශාලාවේ හිමිකරු ඇතුළු කළමනාකාරිත්වය සමඟ පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු එය වසා නොදැමීමට එකඟ වූ බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය .
අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ අද (09) පෙරවරුවේ මහනුවර දී පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය .
ඇඟලුම් කර්මාන්ත ශාලා පරිශ්‍රයට පොලිස් හා විශේෂ කාර්යය බලකා ආරක්ෂාව යෙදවීමට පියවර ගත් බවද අමාත්‍යවරයා පැවසීය .
පසුගිය මාර්තු මස 30 වැනි දින එම කර්මාන්ත ශාලාවේ හිමිකරු ඇතුළු කීප දෙනෙකුට මැර ප්‍රහාරයක් එල්ල වීමෙන් අනතුරුව එහි හිමිකරු එම ආයෝජනය හමාර කොට රටින් පිටව යාමට තීරණය කොට තිබුණි .
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ ජනාධිපතිතුමා මැදිහත්ව එම කර්මාන්තශාලාවට පොලිස් මුරපොළක් හා විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව ලබාදීමට එකග වු බවයි . එහෙත් තවදුරටත් එම ඇඟලුම් ආයතනය කටාන ප්‍රදේශයේ පවත්වාගෙන යාමෙන් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත විය හැකි බැවින් ඒ සඳහා සුදුසු වෙනත් ස්ථානයක් ලබා දෙන ලෙස එහි හිමිකරු ඉල්ලීමක් කළේය.
ඒ අනුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් ඕනෑම කර්මාන්ත කලාපයක හෝ ආයෝජන කලාපයක කර්මාන්ත ශාලාව ඉදි කර ගැනීම සඳහා නොමිලයේ ඉඩමක් ලබා දීමට සූදානම් බවට කර්මාන්තශාලාවේ හිමිකරුට දැනුම් දුන් බවද අමාත්‍යවරයා පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරයෝ පාලනය කරන රටකට ආයෝජකයෝ එයිද?
අවුරුදු 2500 පීරමින් අපේ ජාතිය මෙතරම් දුර්වල වූයේ කවදාද, කුමන හේතුවකටද යන්න සොයා බැලිය යුතුය. ඒ සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන්න.
අම්මගේ අප්පාගේ බුදලේ වගේ නොමිලයේ ඕනම තැනක ඉඩම් ලබා දෙන්න කලින් වරද කල වුන්ට ප්‍රසිද්ධියේ දඬුවම් දීල අගතියට පත් වුවන්ගේ විශ්වාසය දිනා ගැනිමයි කල යුත්තේ.
ඉතින් හොඳ සිහියෙන් ඉන්න ආයෝජකයෙක් මේ රටට එයිද?
මේක විසඳුමක් නෙමෙයි. විසඳුම් සෙවිය යුත්තේ මෙවැනි දෙයක් නැවත නොවීමට පියවර ගැනීමටයි. මැරයෝ එන හැම තැනටම පොලිස් ආරක්ෂාව දෙන්න පුළුවන් නම් අවුලක් නෑ..
මමත් ගුටි කෑවා. මටත් ඉඩමක් ඕනෑ...
එතකොට මැර ඇමැතිට ගත්තු ඇක්ෂන් එක මොකක්ද?
අම්මගේ අප්පාගේ බූදලේ වගේ නොමිලයේ ඉඩම් ලබා දෙන්න? මැරයින්ට ප්‍රසිද්ධියේ දඬුවම් දීලා අගතියට පත් වූවන්ගේ විශ්වාසය දිනාගැනිමයි කළ යුත්තේ...!
සාදුකින් පෙළෙන අය දැන් ඉතින් නැගිටින්න. සටනට එක්වෙන්න. මැර දේශපාලුවන් පැන්නීමට කාලයයි...
ආයෝජකයා එක්ක සාකච්ඡා පවත්වන්න කලින්, ඔය මැර ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ ඉන්දික අනුරුද්ධ කියන කාලකන්නි මැර රාජ්‍ය ඇමතියාව අත්අඩංගුවට අරන් නිසි පරීක්ෂණයකින් අනතුරුව අදාල දඬුවම් දුන්නා නම් ඔය ආයෝජකයා කටානේම රැඳී ඉඳීවි. ඒ මගින් එම කම්හලේ රැකියා කරපු දුප්පත් මිනිස්සුන්ගේ රැකියා ටිකත් පරෙස්සම් වේවි...!
SFT පොයින්ට් එක දාන්නේ ඔය දියවන්නටව බැහැල ඉන්න රාජ්‍ය ඇමතිගේ අම්මගේ බුදලෙන්ද නැතිනම් අපි මැරිලා මැරිලා හම්බ කරන එකට ගහන බදු මුදලෙන්ද ? ඉන්දි* අනුරු * ද කියන දියවන්නා අම්බාරුවාගෙන බදුවත් උඹල කපන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්රිලගේ බදු මුදල් ආපසු මහබැංකුව ගෙව්වා !! මේ වරද කරපු උන්ට සතියක් ඇතුලට දඬුවම් දුන්න නම් තමයි ත්‍රස්තවාදී පනත ගේන්න හදන රනිල් වැඩ කාරයෙක් කියන්න පුළුවන්. අපිට ඕනේ ඔතන වරද කරපු චණ්ඩින්ට නීතිය ක්‍රියාත්මක කරන්න, එතකොට ඉතිරි සියල්ල ප්‍රශනයක් නැතිව ඉබේ සිද්ධවෙයි. නැතිනම් පොරත් බලේ තියාගන්න ඕනෙම ස්ට්ටම්බි කමක් කරන oxford ගියපු බයියෙක් තමයි මේ වරද කරපු උන්ට සතියක් ඇතුලට දඬුවම් දුන්න නම් තමයි ත්‍රස්තවාදී පනත ගේන්න හදන රනිල් වැඩ කාරයෙක් කියන්න පුළුවන්. නැතිනම් පොරත් බලේ තියාගන්න ඕනෙම ස්ට්ටම්බි කමක් කරන oxford ගියපු බයියෙක් තමයි
මැර ප්‍රහාරයක් එල්ල කරපු එවුන්ට මොනම කරදරයක්වත් නැත්තේ මොකද?
ජනතා නියෝජිතයින්ගේ මැරකම් වලින් බේරෙන්න පුද්ගලික ව්‍යාපාරවලට පොලිස් හමුදා ආරක්ෂා යොදවන්න වෙලා ආණ්ඩුවටම