
(පද්මසිරි ගාර්දියවසම්)
ඉදිආප්ප කොත්තුවක් ගැන ඇතිවූ බහින් බස්වීමක් දුරදිග ගොස් තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් පසු කඩු පහර කෑ 24 හැවිරිදි ධීවර තරුණයකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
මෙම ගැටුමෙන් එම තරුණයාගේ 61 හැවිරිදි පියාද කැපුම් තුවාල ලබා නාකුලුගමුව රජයේ රෝහලට ඇතුළත් කර තිබේ.
දෙපිරිස අතර ඇතිවූ ගැටුමෙන් පසු රෝහල් ගතකර ඇත්තේ කුඩාවැල්ල දකුණ පන්සල අසල පදිංචි පියපුතු දෙපළකි.
තුවාල ලැබූ තරුණයාගේ නැන්දනිය තම නිවසේ ඉදිආප්ප තනා විකුණන අතර බීමත්ව සිටි පිරිසක් ඉදිආප්ප කොත්තුවක් රැගෙන එන ලෙස තරුණයාට පවසා ඇත.
නැන්දා ඉදිආප්ප මිස ඉදිආප්ප කොත්තු නොසාදන බව තරුණයා එම පිරිසට පැවසූ පසු බීමත්ව සිටි පිරිස තරුණයා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇතැයි පොලිසිය පවසයි .ගැටුමට සම්බන්ධ දෙපිරිසම බීමත්ව සිටි බවත් ඔවුන් සමීප නෑදෑයන් බවත් පොලිසිය කියයි .
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉඳි ආප්ප කොත්තු ආරවුලෙන් පිය පුතු රෝහලේ
ලලනි Wednesday, 10 May 2023 11:35 AM
තංගල්ල ප්‍රදේශයේ අයනේ... ඉතින් ඔවුන් ඉන්නේ මනස විකෘති වෙලාම තමයි.