IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බිත්තර තවත් අඩුවට දිය හැකියි

(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු)

බිත්තර සඳහා නියම කර තිබෙන පාලන මිලට වඩා අඩුවෙන් සුදු හා දුඹුරු බිත්තර මිලදී ගත හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර් .එම්. සරත් රත්නායක මහතා පවසයි.

ඒ අනුව බිත්තර වැඩි මිලට මිලදී නොගන්නා ලෙස පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පවසයි.

සුදු බිත්තරයක් රුපියල් 40ක සහ දුඹුරු බිත්තරයක් රුපියල් 41ක තොග මිලට ගොවිපළෙන් වෙළඳුන්ට ලබාදෙන බවත් බේකරිවලින් පැමිණ බිත්තර රුපියල් 44 45 මිල ගනන් වලට ගොවිපළෙන් ලබා ගන්නා බව පවසන ඔහු ආර්ථික මධ්‍යස්ථානවල සහ ඇතැම් වෙළඳසැල්වල මේ වන විට බිත්තරයක් රුපියල් 44 කට අලෙවි කරන බවද කීය.

පාරිභෝගික අධිකාරිය මගින් සුදු බිත්තරයක් රුපියල් 44කටත්දුඹුරු බිත්තරයක් රුපියල් 46කටත් පාලන මිලක් නිකුත් කර තිබුණ ද මේ මස අවසාන වන විට බිත්තර මිල තවත් අඩු වී බිත්තර පාලන මිලට කුමක් සිදුවේද යන්න සිතාගත නොහැකි බවද ඒ මහතා පැවසීය.

මේ වන විට රට පුරා කිසිදු බිත්තර හිඟයක් නොමැති බව පෙන්වාදෙන ඔහු බේකරි, හෝටල් සහ කොත්තු කඩ සඳහා අවශ්‍ය තරම් දේශීය බිත්තර මිලදී ගත හැකි බව ද වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (1)

බිත්තර තවත් අඩුවට දිය හැකියි

swene Tuesday, 09 May 2023 08:49 PM

සුපිරි වෙළඳ පොලෙහි බිත්තර 10ක් රුපියල් 540ට වැඩියි. අනෙක් කඩ වලත් රුපියල් 44ට වත් බිත්තර නැහැ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site