
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයන කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දී තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමේ කාලය තවත් වසරකින් දීර්ඝ කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර ඇත.
ණය පහසුකම මෙම වසරේ මාර්තු මස අවසන් වීමට නියමිතව තිබූ අතර ඒ අනුව ණය පහසුකම ලබන වසරේ මාර්තු මස දක්වා කාලය දීර්ඝ කිරීමක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ලැබ තිබේ.
තවමත් මෙම ණය පහසුකමේ ඇමෙරිකානු ඩොලර් මිලියන 350 ක පමණ මුදලක් ශ්‍රී ලංකාව භාවිත කර නොමැති බවත් ඒ සඳහා සාකච්ඡාවලින් අනතුරුව ලබන වසරේ මාර්තු දක්වා ඉන්දියාව ශ්‍රී ලංකාවට කල් ලබා දුන් බවත් නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා සඳහන් කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති මන්දිරයක් හා ජනාධිපති කාර්යාලයක් අලුතෙන් ඉදිකිරිමේ සැලසුමක් ගැන පසුගියදා ප්‍රවෘත්ති මැවුණා.මේ බංකොලොත් වූ පුංචි රටට ගෙවීමට තිබෙන ණය කන්ද දිහා බලාගෙන මෙවන් නාස්තිකාර වියදම් කුමක් සඳහා කරන්නේදැයි සිතේ.
දැන් ඔය අරගෙන තියෙන ණය ප්‍රමණය කොපමණද කියලා දැනගන්න තියෙනවා නම් හොදයි කොහොම වුනත් අරගලයෙන් පස්සෙ ණය හෝ පොලියක් ගෙවල නැහැ කියලා හිතෙනවා ඒත් තවතවත් ගත්තා කියලා තේරෙනවා එහෙම වුනාම අනාගතයේ යම්දිනක ණය ප්‍රමාණය රටට ඔරොත්තු නොදෙන තත්වයක් ඇතිවේවි එහෙම වුනොත් මොකද කරන්න පුළුවන් කියලා තේරුම් ගන්න නම් බැහැ
ගරු ජනාධිපතිතුමනි, මේ ණය ගෙවන්නේ ඔබේ පංතියේ අයද? අපේ පංතියේ අයද?
ලබන අවුරුද්දේ අපි ගෙවයි... බලාගෙන ඉන්න...!