(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් මෙම ජූලි මස 01 වන දා සිට ආරම්භ කිරීමට නියමිතය.
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ඊට අදාළ ගැසට් පත්‍රය මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දුප්පත් හා අන්ත දිළිඳු යන සමාජ කාණ්ඩ 04ක් යටතේ “අස්වැසුම” සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදු කෙරෙන අතර ආබාධිත තැනැත්තන්, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා ද සුපුරුදු පරිදි අදාළ දීමනා ලබා දෙනු ලැබේ.
මෙහිදී සංක්‍රාන්තික ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 2500.00 බැගින් 2023 දෙසැම්බර් 31 වනදා දක්වාද, අවදානමට ලක් වූ ප්‍රතිලාභීන් 400,000ක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින් 2024 මාර්තු 31 වනදා දක්වාද ලබා දීමට නියමිත අතර, දුප්පත් ප්‍රතිලාභීන් 800,000ක් සඳහා මාසිකව රුපියල් 8500.00 බැගින් සහ අන්ත දිළිඳු ප්‍රතිලාභීන් සඳහා මාසිකව රුපියල් 15,000.00 බැගින් 2023 ජූලි 01 වනදා සිට වසර තුනක කාලයක් ලබා දීමට නියමිතය.
දැනට සුබසාධක ප්‍රතිලාභ ලබන ආබාධිත තැනැත්තන් 72,000ක් සඳහා මාසිකව රුපියල් 5000.00 බැගින්ද, වකුගඩු ආධාර ලබන තැනැත්තන් 39,150ක් සඳහා රුපියල් 5000.00 බැගින්ද, වැඩිහිටි ආධාර ලබන තැනැත්තන් 416,667ක් සඳහා රුපියල් 2000.00 බැගින්ද ලබා දෙනු ඇත.
සුබසාධක ප්‍රතිලාභ ලබා ගැනීම සදහා දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340කින් ලැබී තිබෙන අයදුම්පත් සංඛ්‍යාව 3,712,096 කි.
මෙම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියෙන් 91.5% ක් ඊයේ (08) දිනය වන විට අවසන් කර තිබේ.
ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සාමාජිකයින් තිදෙනකුගෙන් සමන්විත තේරීම් කමිටු හරහා එම දත්ත නිරීක්ෂණය කර, දිස්ත්‍රික් ලේකම්වරයා විසින් අනුමත කිරීමේ ක්‍රියාවලිය ද මේ වන විට ආරම්භ කර ඇත.
දැනට තොරතුරු තහවුරු කොට අවසන් කර ඇති අයදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් වව්නියාව දිස්ත්‍රික්කයෙන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 98 % කි.
පිළිවෙළින් මහනුවර දිස්ත්‍රික්කයෙන් 96.5% ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයෙන් 96% ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 96% ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 95.5% ක් ආදී වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයදුම්පත් 3,362,040ක තොරතුරු තහවුරු කර ගැනීම මේ වන විට සිදුකර තිබේ.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සුභසාධක ප්‍රතිලාභ ගෙවන ගැසට් පත්‍රය නිකුත් කරයි
ධනරින Wednesday, 10 May 2023 05:02 AM
කොහොම කලත් ඇතිහැකි අයට ලැබී නැතිබැරී අයට නොලැබෙන තත්වයක් දකින්නට ලැබෙනවා කියලා විශ්වාසයක් තියෙනවා
විසිල් Wednesday, 10 May 2023 09:10 AM
ලොකුම සුබසාධන අරගන්නේ දියවන්නාවේ සෙට් එක. ලැජ්ජා නැතිද උබලාට අපේ සල්ලිවලින් ජොලි කරන්න .
Mahesh Karunamuni Mahesh Monday, 19 June 2023 09:39 AM
අපි කරපු ගාමන්ට් ජොබ් එකත් නෑ සුභ සාදකත් නෑ
WM sunil dhrmasiri Thursday, 29 June 2023 01:40 PM
අපිට දැන් සුබසාධන මේවා මොකුත්ම නෑ...!