
( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා වන තුෂාර සංජීව විතාරණගේ පාලන කාලයේදී වැරැදි සිදු කර ඇත්දැයි සෙවීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ නියමයෙන් පත් කරන ලද ඒක පුද්ගල පරීක්ෂණ කොමිසම නිකුත් කර ඇති වාර්තාවට අනුව විතාරණ මහතාට එරෙහිව ඉදිරිපත් කරන ලද චෝදනා 18 කින් චෝදනා 11 කටම ඔහු වැරැදිකරු බවට තීන්දු කර ඇත.
ඒ අනුව එම පරීක්ෂණ කොමිසම විසින් ලබාදී ඇති නිගමනවලට අනුව තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් හා සභික ධූරයෙන් පහ කළ අයකු වශයෙන් සැලකිය යුතු බවට නියම කරමින් වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක්ද ඊයෙ (8) නිකුත් කළේය.
තුෂාර සංජීව විතාරණ මහතාට එරෙහිව ලැබී තිබු පැමිණිලි සැලකිල්ලට ගෙන වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ නියමයෙන් හිටපු මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම පරීක්ෂණ කොමිසමේ කටයුතු 2022.12.09 වන දින සිට ආරම්භ කරනු ලැබීය.
මෙම කොමිසම හමුවේ වයඹ පළාතේ හිටපු ආණ්ඩුකාරවරුන් වන පේෂල ජයරත්න සහ ඒ.ජේ.එම්.මුසම්මිල් මහත්වරුන්ද සාක්ෂි ලබාදී ඇත.
මහ නගර සභා ආඥා පනත යටතේ 2020 වසරේ අයවැය සම්පාදන හා බලාත්මක කිරීමේ නියෝගවල විධිවිධාන ක්‍රියාත්මක වීම හේතුකොටගෙන තුෂාර සංජීව විතාරණ මහතා 2022.12.31 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූවාසේ සලකන බවද එම ගැසට් නිවේදනයෙහි සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නගරාධිපතියා ගැන කියලා වැඩක් නැහැ .එතනෝල් ජොනීයටම හරියන එකෙක්.
ජොනිය දැන් ඔබට සැපද?
වැරදි විශාල ප්‍රමාණයක් කරලා තීරණය කරලා තිබේනම්, කොහොමත් සති කිහිපයකින් අහිමිවන නගරාධිපති කමින් සහ සභිකත්වයෙන් ඉවත් කිරීම පමණක් ප්‍රමාණවත්ද ?
වැරදි විශාල ප්‍රමාණයක් කරලා කියල තීරණය කරලා තිබේනම්, අනිවාර්යයෙන්ම සති කිහිපයකින් අහිමිවන නගරාධිපති කමින් සහ සභිකත්වයෙන් ඉවත් කිරීම පමණක්ප්‍රමාණවත්ද ?
එහෙනම් ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තු එවපු...
මෙයාව මුලින්ම මානසික වෛද්‍යවරයකුට පෙන්නන්න. අර පරණ ඉදිකිරීම්නුත් කැඩුවේ මෙයානේ. අරක්කු ජොනියාගේ ගෝලයෙක්නේ. ඇහේ ඉඳලා හමගහන්න ඕනෑ.
ඒ වුණාට ජොනියාගේ කාලේ උසාවියෙන් මෙයාව නිදොස්කොට නිදහස් කරලා ඉදිරි පළාත් පාලන ඡන්දෙදී නගරාධිපති අපේක්ෂකත්වයත් මෙයාට දේවි...
කල වැරදිවලට නීතියෙන් කටයූතු කල යූතුයි. ඵසේ නොමැතිව තනතුරෙන් ඉල්ලා අස්වැන්නේ සැලකීමට මේවා අම්ම අප්පගේ බූදලය නොවෙයි.කුරුණෑගල ජනතාවෙනී ඔබ නිදිද?
අපගේ නීතියට මෙම කොමිසමේ තීරනය ක්‍රියාත්මක කිරීමටනම් වහාම ඔහුට උසාවිය හරහා නඩුවක් ගොනුකර ඔහු වැරදි කරුවකු කල යුතුය නැතිනම් මේ ප්‍රයත්නයට යෙදූ මිලියන ගානේ මුදල් අපතේ යනු නියතය. එයද අපගේ අහිංසක ජනතාවගේ බදු සල්ලි නිසා ගරු ලේකම් කමල් මහතානනි මෙය ඔබගේ අනිවාර්ය යුතුකමකි. !!
මොනවද මේ කියන්නෙ . ඔය කොමිටිය දාපු ආන්ඩුකාරයත් 11 දෙනා පැහැරගෙන යාමේ චෝදනා වලට හිරේ යාමට නියමිත කෙනෙක් .