IMG-LOGO

මහබැංකු විවාදය කල් යයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

තවදුරටත් සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින්   ශ්‍රී ලංකා මහබැංකු පනත් කෙටුම්පත පිළිබඳ විවාදය කල් දැමීමට  රජය තීරණය කර ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (9)  පැවසීය.

මෙම විවාදය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 11 වැනිදාය.

පනතට සංශෝධන මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී  ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව සලසා දෙන බවද  ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ මහබැංකු පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහාචාර්ය ජී එල් පීරිස් සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් අදහස් දැක්වූ  අවස්ථාවේදීය.

අගමැතිවරයා මෙසේද පැවසීය.

මුදල් අමාත්‍යාංශ උපදේශක කාරක සභාව අද රැස් වෙනවා. මහ බැංකු අධිපතිතුමාත් ඒකට එනවා. මේ පනත ගැන සාකච්ඡා කරන්න සියලු මන්ත්‍රීවරුන්ට ඒ රැස්වීමට සහභාගි වෙන්න පුළුවන්.පනතට සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරලා තියෙනවා. ඒ අනුව ඒ ගැන සාකච්ඡා කරන්න පුළුවන්.  විවාදයේ දිනය වෙනස් කිරීම ගැන කාගෙත් මත භේදයක් නැහැ. විපක්ෂ නායකතුමාඑකඟයි.

මන්ත්‍රීවරු ඒ අවස්ථාව ප්‍රයෝජනයට නොගෙන  මේ සභාගර්භයට ඇවිල්ලා කියන්න එපා අපි දන්නේ නෑ කියලා. අවස්ථාව ප්‍රයෝජනයට ගන්න කියලා සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.



අදහස් (1)

මහබැංකු විවාදය කල් යයි

Aravinda Monarawila Tuesday, 09 May 2023 04:13 PM

ලෝක බැංකුව කරපන් කියනකොට පාර්ලිමේන්තුවට අරන් එනවා. රටේ මිනිස්සු විරුද්ධ වෙනකොට... ආයෙත් අකුලා ගන්නවා. මේ අය රටයි, ලෝක බැංකුවයි දෙකම එකපාර රවටන්න හදන බවක් තමයි පේන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 800 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1211 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site