
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව වෙත නියෝග කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ඩොලරයේ අගය ද පහළ ගොස් ඇති තත්ත්වයක සීනි මිල ඉහළ යාමට කිසිදු හැකියාවක් නොමැති බව අමාත්‍යවරයා කීය.
තිරිගු පිටි මත අය කළ බද්ද හේතුවෙන් ද පිටි මිලෙහි ඉහළ යාමක් සිදු විය නොහැකි බව ද අමාත්‍යවරයා පැවසීය.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 13%කින් පමණ පහළ ගොස් ඇති බවත් ලෝක වෙළෙඳපොලේ තිරිගු පිටි මිල ගණන් ද 15%කින් පමණ පහළ ගොස් ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
එවැනි තත්ත්වයක් යටතේ රජය පැනවූ බද්ද හේතුවෙන් තිරිගු පිටි මිලෙහි ඉහළ යාමක් ඇති නොවන බව සියඹලාපිටිය මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාර්තාව ලැබෙන කොට සීනි මිල තවපාරක් ඉහළ ගිහිල්ලා තියේවි. එතකොට ඒකට තව වාර්තාවක් ඉල්ලන්න පුළුවන්... රටේ මිනිස්සුන්ව රවට්ටන්න ගන්න ගොන් පාර්ට් මේවා. දැන් අපි රැවටුණු කාලය ඉවරයි. කොට්ට, පැදුරු අකුළගෙන ගෙදර යන්න කාලය ඇවිල්ලා...
මේ වගේ මීහරක් ඇමතිවරු අපිට ඉන්නේ.ඔය රිපෝට් එක එනකොට කඩ කාරයෝ කොපමණ හම්බකරලා තියනවද ?මුලින්ම කරන්න ඕනේ පාලන මිලක් දාන එක .ඊට පස්සේ හොයන්න මොකද උනේ කියලා
වැස්සකටවත් කඩේ යන්නේ නෑ කියලා ඔප්පු උනා. මේ දේශපාලකයෝ බිම් මට්ටමට යන්නේ නෑ. දේශපාලන මූලධර්ම ඔක්කොම violate කරනවා. ඒත් සැප නම් ගන්නවා.
මුන්ට ගහන්න ඕනේ ඇඳුම් ගලෝලා