IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දිවි රැක ගන්න පෝරනේ උඩ ජිවිතය

(හේමන්ත රණසූරිය සහ පියදාස සමරවීර)

අනුරාධපුර මහබෙල්ලන්කඩවල ගම්මානයේ වැසියන් අලින්ගෙන් සිය ජීවිතය ආරක්ෂා කර ගැනීම සඳහා වහළ උඩ සැකසු පුංචි පැල්වල රැය පහන් කරති.

මහා බෙල්ලන්කඩවල ගම හතර වටින්ම මහා රෑස්ස කැලයක් මැද පිහිටි ගමක් වන අතර එම ගමේ පවුල් අටක් දුකසේ ජීවත් වෙති. 

නිරන්තරයෙන් වලි අලි තර්ජනය ලක් වූ ගම්මානයක් වන අතර නිවාස කඩා බිම දමමින් ඔවුන්ගේ කුලියක් මලියක් කර සොයාගත් දෑ කා දමන බවද ගම්මාසීහු චෝදනා කරති.

රාත්‍රී කාලයේ දි තම දරු පැටියන් ආරක්ෂා කර ගැනීම සඳහා අපූරැ උපක්‍රමයක් සොයාගෙන ඇත.

එනම් තම නිවෙස තුළ කුස්සියේ ඇති පෝරනය යටින් ඉණිමඟක් තබා ඒ තුළට දරු පැටව් සමග ඉතා අසීරුවෙන් ගොඩවී එම පෝරනය උඩ ඔවුහු ඉදි කර ඇති මැස්සක් තුළ දරු පැටව් සමග රාත්‍රිය පහන් කරති.

පණ නල රැක ගැනීමට ගිනි ගහන අව්ව සහ ධාරානිපාත වැස්ස මායිම් නොකර මහපොළොව සමඟ පොරබදන ඔවුන් රාත්‍රියේ තම අඹු අඹුදරුවන් රැක ගැනීමට දරන වෙහෙස දෑසින් දුටු කෙනකුගේ නෙතට කඳුළක් උපදින බව නම් නොරහසකි.

මෙම නිවසට ඉකුත් 27 වැනි දා රාත්‍රියේ කඩා වැදුණු වන අලින් දෙදෙනෙකු විසින් මෙම නිවසේ බිත්ති තුනක් තුන් පැත්තකින් පෙරළා විනාශ කර තිබිණ.

වෙසක්  පුන් පොහෝ දින රාත්‍රියේ ද මෙම කුඩා ගම්මානයට ආ වල් අලින් නිවසක එක බිත්ති පෙරළා දැමූ බව නිවැසියෝ පැවසූහ.

එයින් නොනැවතුණු වල් අලියා නැවත ඉක්ත් 8 වැනි දා පාන්දර 2ට පමණ  ගෙවත්තට පැමිණ මෙලෙස තම යළි නිවස කඩා දැමූ බව හැඬූ කඳුළු යුතුව කාන්තාවක අපහා පැවැසුවාය.

අප එහි යන විටත්, ප්‍රදේශය බාර ග්‍රාමනිලධාරිවරයා පැමිණ සිටියේ නැත. මෙම සිදුවීම  එදින පාන්දර ම දුරකථනයෙන් දැනුම් දුන් බව ද නිවැසියන් පැවසූහ.

මැදවච්චිය වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයට මේ සිද්ධිය දැනුම්දීමට දුරකථන ඇමතුම් කිහිපයක් ලබාගත්තත් එම දුරකථන විසන්ධි වී තිබුණි.

කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් වජිර රත්නායක මහතාට මේ සිද්ධිය දුරකථනයෙන් දැනුම් දුන් විට ඔහු සඳහන් කළේ කඩිනමින් ග්‍රාම නිලධාරිවරයා එම ස්ථානයට එවන බවත් ඉදිරි කටයුතු සිදු කිරීමට ඔහු කටයුතු කරනු ඇති බවත්ය.

පාසල් යන දුවා දරුවන් සහ කිරි සප්පයන් ආරක්ෂා කරගන්නට මාරයා සමග සටන් වදින මහ බෙල්ලන්කඩවල අහිංසක ගම්වැසියන්ට හෙට දිනයේ අත් වන ඉරණම කුමක්දැයි අවිනිශ්චිතය.

 

 



අදහස් (6)

දිවි රැක ගන්න පෝරනේ උඩ ජිවිතය

aka Tuesday, 09 May 2023 09:58 PM

මහ කැලැවක් මැද්දෙ පවුල් අටක් තියන ගමක් පවත්වන් යන්නෙ කොහොමද? ඔය ගමට අලි වැටවල් ගහනවට වඩා ගම වෙන තැනකට අරන් යන එක වියදම් අඩු වෙයි.

:       2       9

පැරකුම් Wednesday, 10 May 2023 02:49 AM

මෙම පවුල් අට වෙනත් ගම්මානයක පදංචි කිරීමට බලධාරීන් කටයුතු කල යුතුය

:       0       8

Perera Wednesday, 10 May 2023 07:24 AM

ඔය මිනිස්සු චන්දෙ දුන්නු මැති ඇමතිලා ඕවා ගැන අද හෙට හොයලා බලලා විසඳුමක් දේවි නේ

:       1       2

NDF Leader Wednesday, 10 May 2023 08:38 AM

ගම හතර වටින්ම මහා රෑස්ස කැලයක් මැද පිහිටි ගමක් වන අතර එම ගමේ පවුල් අටක් දුකසේ ජීවත් වෙති. එහෙනම් කළ යුත්තේ ඒ පවුල් 8 ජනතාව වෙසෙන පැත්තක පදිංචි කර ගම අලින්ට නිදහස් කිරීම නොවෙයි ද?

:       0       8

සුනෙත් හේමන්ත Wednesday, 10 May 2023 09:14 AM

පවූල් අටක් පමණක් ඉන්න නිසා හොදම විසදුම මෙම පවුල් වලට වෙනත් ප්‍රදේශයකින් ඉඩම් ලබාදී නැවත පදිංචි කිරීමය. වටේටම මහා වනාන්තර නිසා ප්‍රයෝගිකව ස්තිරසාර විසදුමක් ලබා දීම ඉතා අපහසු ක්‍රියාවකි.

:       0       6

fairoos Wednesday, 10 May 2023 12:23 PM

මෙයාලා කොහොමද කැලේට පදිංචියට ගියේ..? කැලේ ඉන්න සත්තුන්ටත් නිදහසක් නැහැ.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1059 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site