22ක් රෝහලට යැවූ ඉරණමඩු බස් අනතුර කොළඹ සිට යාපනය දක්වා මගීන් ප්‍රවාහනය කළ සූඛෝපභෝගී බස් රථයක් කිලිනොච්චිය,ඉරණමඩුව ප්‍රදේශයේදී අද (05) අලුයම පෙරළීයාමෙන් පුද්ගලයින් 22 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 05 December 2022
ඩොලර් ගෙවල් හයක් විකිනෙයි නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඩොලර්වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට නිවාස 6ක් අළෙවි වී ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි. 05 December 2022
සීනි බදු වංචාව ගැන කෝපා වාර්තාව මැතිසබයට රජයට රුපියල් මිලියන 16763ක් අහිමි කළ සීනි බදු වංචා සිද්ධිය පිළිබඳව පරීක්ෂණ කඩිනම් කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව කෝපා කමිටුවේ සභාපති සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා රජයේ ගිණුම් කාරක සභාවේ පළවෙනි දෙවෙනි හා තෙවැනි වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය. 05 December 2022
උසස් පෙළ සිසුන්ට ජනාධිපති කාර්යාලයෙන් ශිෂ්‍යත්ව අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කර ඇත. 05 December 2022
රසායනික පෝර නැව් තුනක් කොළඹ වරායේ රසායනික පොහොර නැව් තුනක පොහොර ගොඩබෑමේ කටයුතු මේ වන විට කොළඹ වරායේ දී සිදු කෙරෙමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි. 05 December 2022
‘‘අසමාරා ක්වෙස්ට්‘‘ හම්බන්තොට වරායට විදෙස් සංචාරකයින් 481 දෙනෙක් රැගත් AZAMARA QUEST මගී නෞකාව හම්බන්තොට ජාත්‍යයන්තර වරායට අද (05) උදේ ලඟා විය. 05 December 2022
පරිසර හානි වන්දි කන් හැන්දෙන් බෙදලා ලංකා මුහුදු සීමාවේදී ’’නිව් ඩයමන්’’ නෞකාව 2020 වසරේ විනාශ වී පරිසරයට වූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන 3440 ක් වන්දි ඉල්ලුවත් වන්දි ගෙවා තියෙන්නේ මිලියන 12 ක් පමණක් බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 December 2022
කැලණිවැලි දුම්රියන්ට නව කාලසටහනටක් කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (05) සිට නව කාලසටහනට අනුව ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 05 December 2022
මෛත්‍රීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් තමා ජනාධිපති සමයේ ක්‍රියාත්මක කළ ජාතික මට්ටමේ ව්‍යාපෘති සඳහා වැය කළ මුදල් ද තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට වැය කළ බවට ගණනය කර වැරදි පුවතක් සමාජගත කර ඇතැයි හිටපු ජනාධිපති පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් පැවසීය. 05 December 2022
ඇමරිකන් පොලිස් වෙඩි පහරින් ලාංකිකයෙක් මරුට ටෙක්සාස් හි වාසය කළ 33 හැවිරිදි රාජන් මුණසිංහ නැමැති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු ඉකුත් නොවැම්බර් 15 වැනිදා ඔස්ටින් පොලිසියේ වෙඩි පහරට ලක්ව මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 05 December 2022
මුතියංගනයේ දරුවන් හැටක් ක්ලාන්ත වෙලා බදුල්ල මුතියංගන රජමහා විහාරයේ දහම් පාසලේ පසුගිය ඉරුදින රැස්වීමේදී දරුවන් 60 දෙනකු ක්ලාන්තවී ඇද වැටී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 December 2022
විදුලි බල මණ්ඩලය අටට කඩන්න ආණ්ඩුවට ජනවරමක් තිබෙනවාද? රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන බව කියමින් පැමිණි ආණ්ඩුව විදුලිබල මණ්ඩලය අටට කඩන්නේ කොහොමදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 December 2022
අමරවීර ’’සේනා’’සොයා බඩඉරිඟු හේන්වලට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වනවිට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වීම නිසා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන් පරීක්ෂා කිරීම සඳහා ගියේය. 05 December 2022
ප්‍රදේශ රැසකට වැසි දෙවියෝ යළි වඩිති දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (5) ත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 05 December 2022
කැලණියේ විදුලි උපකරණ ගබඩාවක මහා ගින්නක් කැලණිය වරාගොඩ ගල්බොරැල්ලේ භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ ඇති වූ ගින්නෙක් පැය කීපයක් තිස්සේ ගිනි නිවන හමුදාව නිවීමට දැඩි වෙහෙසක් ගනී. 05 December 2022
ගොඩගම අනතුරින් දෙදෙනෙක් මරුට ගොඩගම වටරැක ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි . 05 December 2022
අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව නැවතත් අලුත් කරයි සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය නැවතත් අලුත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 05 December 2022
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල හන්දිය සහ අලව්ව දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා පද්ධතියේ දෝෂයක් මතුව ඇතැයි වාර්තා වේ. 05 December 2022
පුටින් නිල නිවසේ පඩි පෙළෙන් වැටිලා පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැබූ බව ඇමෙරිකාවේ ’ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත අනාවරණය කර තිබේ. 05 December 2022
ලොකු ලූණු බද්ද පහළට : ටින් මාළු බද්ද ඉහළට ලොකු ලූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කළ බවත් එම බදු සංශෝධනය මේ මස මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පවසයි. 04 December 2022
මධ්‍යම කාරක සභා තීරණය විධායක සභාව අනුමත කරයි ආණ්ඩුවේ තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය විධායක සභාව මගින් ද අනුමත කළ බව පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 04 December 2022
ක්‍රිකට්වලට ඇති බලපෑම් ගැන අයි.සී.සී. අවධානයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) අවධානයෙන් පසුවන්නේ යැයි දැනුම් දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර තිබේ. 04 December 2022
දිසා පහකට නාය අවදානම් නිවේදන පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 04 December 2022
විදුලිය කපන්නේ නෑ කීවත් කපනවා මේ මස 01 වැනි දින සිට සංචාරක කලාපවල විදුලිය නොකපන බව ප්‍රකාශ කළ ද ගාල්ල කොටුව ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි දිනපතා විදුලිය කපා හරින බව එහි ව්‍යාපාරිකයෝ චෝදනා කරති. 04 December 2022
ඡන්දයක් ප්‍රකාශ කරන්න බාධාවක් නෑ පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු නීතිමය බාධාවක් නොමැති හෙයින් මේ සතුය තුළ එම මැතිවරණය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපෙක්ෂ ාකරන බව නිදහස් හා සාධාරණ මැතිවරණයන් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් සඳහන් කරයි. 04 December 2022
රට තුළ වයිරස් රෝග රැසක් රට තුළ පැතිර යන වයිරස් රෝග හේතුවෙන් දිනකට දරුවන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත කරන බවත් එම රෝගවලින් දරුවන් ආරක්ෂා කිරීමට සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කළ යුතු බවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නිලධාරියෙක් පැවසීය. 04 December 2022
පොල්හේන මුහුදේ කිඹුල් බියක් කිඹුලන් දෙදෙනකු මුහුදේ සැරිසැරීම හේතුවෙන් මාතර පොල්හේන මුහුදු තීරයට බැස දිය නෑම නොකරන ලෙස පොලිස් නිලධාරීන් අද උදෑසන සංචාරකයන්ට දැනුම් දුන්නේය. 04 December 2022
ඕස්ට්‍රෙිලියාවේදී ලාංකික කතක මරා දාලා ඕස්ට්‍රේලියාවේ සැන්ඩ්හර්ස්ට් හි පදිංචි 44 වියැති ශ්‍රී ලාංකික තිදරු මවකට ඇගේ නිවස තුළදී තියුණු ආයුදයකින් ඇණ ඝාතනය කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. 04 December 2022
2022 තෙවන පාසල්වාරය හෙට සිට රජයේ පාසල්වල මේ වසරේ 2022 තුන්වැනි වාරය හෙට (5) සිට ආරම්භ කෙරේ. තුන්වැනි වාරය හෙට සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 04 December 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026