IMG-LOGO

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක අතිරික්තයක්

(අංජුල මහික වීරරත්න)

මේ වසර අවසානය වන විට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක අතිරික්තයක් ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

වසර අවසානයේ සහල් මෙට්‍රික් ටොන් 24ක අතිරික්තයක් ලැබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇතැයි කී අමාත්‍යවරයා එයින් පරිභෝජනයට යන්නේ මෙට්‍රික් ටොන් ලක්ෂ විසි හතරක් පමණක් බව සඳහන් කළේය.

ඉදිරියේදී අපනයනය කළ හැකි සහල් වර්ග නිෂ්පාදනය කෙරෙහි වැඩි අවධානය යොමු කිරීමට කාලය පැමිණ තිබෙන බවද අමාත්‍යවරයා කීය.

2022  වසරේදී මෙරටට  සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ අටක් ආනයනය කළ බව කී මහින්ද අමරවීර මහතා ඒ සඳහා ඩොලර් මිලියන 300 ක් වැය කර තිබෙන බව සඳහන් කළේය.

2023 වර්ෂයේ දී සහල් ඇටයක්වත්  ආනයනය කර නැතැයිද ඒ අනුව වී ගොවීන්   රටට ඩොලර් මිලියන 300ක් ඉතුරු කර තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

කෘෂිකර්ම  අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක්  අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.



අදහස් (2)

සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක අතිරික්තයක්

rtr Friday, 07 July 2023 11:24 AM

කුකුල් කෑම සදහා ගන්න බැරිද

:       4       1

පැරකුම් Friday, 07 July 2023 02:31 PM

වී ගොවීන් මේ ප්‍රදානය කරන්නේ රජයෙන් ප්‍රමාණවත් ආධාරයක් නොමැතිව වීම අගය කළයුතු කරුණකි...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site