(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ්පාස් නාගලන් වීදිය ගෑස් වෙළඳ සැලක් තුළ දී තියුණු ආයුධවලින් කපා කොටා තරුණයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි .
එම සැකකරුවන් සමඟ ඝාතනයට යොදාගත් කඩු දෙකක් සහ ත්‍රිරෝද රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙම සිද්ධියෙන් ඝාතනයට ලක් වූයේ වැල්ලම්පිටිය වදුල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී සෙල්වකුමාර් ශමාල් සසිදු නැමැති 25 හැවිරිදි තරුණයෙකි.
ඝාතනයට ලක්වූ තරුණයා ඉකුත් 5 වෙනි දින තවත් පිරිසක් සමඟ ත්‍රීරෝද රථයකින් ග්‍රෑන්ඩ්පාස් නාගලම්විදිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී සැකකරුවන් තියුණු ආයුධ ඇතැතිව තිරෝද රථය පසුපස හඹා ඒමත් සමගම සැකකරු එයින් බිමට පැන වෙළඳ සැලක් තුළට දිව යාමත් සමඟම පසුපස හඹා හා සැකකරුවන් තියුණු ආයුධවලින් අමානුෂික ලෙස පහර දී පළා ගොස් තිබිණි.
අනතුරුව එහි සිටි පිරිස බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා ව පුද්ගලයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් තිබිණි.
මෙම පහරදීමට හේතුව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ මුදල් ආරවුලකට මීට මාස කීපයකට කීපයකට ඉහතදී ඝාතනයට ලක්වූ පුද්ගලයා තවත් පුද්ගලයකුට මේ ආකාරයෙන්ම තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදු කිරීම බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ප්‍රධාන සැකකරු එම පුද්ගලයා බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය නාග ලං වීදිය සහ වෙන්නවත්ත ප්‍රදේශවල පදිංචිකරුවෝ ය. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියට 5ක් අත්අඩංගුවට