(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විපක්ෂයේ ඉදිද්දි හොරු අල්ලන බව කියන අය ආණ්ඩුවට ගිය පසු අනෙක් හොරු අල්ලනවා යැයි කියමින් දෙපැත්තට බෙදී බැන ගන්නා බවත් හොරු අල්ලන්නේ කවදාදැයි මිනිසුන් හැමදාම බලා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
හැමදාම වෙනස් වන්නේ හොරු ඇල්ලීමේ සටන් පාඨයේ ක්‍රමය පමණක් බව පැවසූ අමාත්‍යවරයා මෙය තනිකරම විහිළුවක් බවද සඳහන් කළේය.
කිසිම තොරතුරක් නැතුව මිනිස්සුන්ට හොරු හොරු යැයි පැවසීම නියම හොරුන්ට කරන ලොකුම සේවය බවද ඔහු පැවසුවේය.
අලි සබ්රි මහතා මෙසේ පැවසූවේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සබ්රිලා තමයි ලෝක හොරුන්ව ආරක්ෂා කරන්න උසාවියේ පෙනී සිටින්නේ .හොරුන් කියලා කියන්න ඕන නැහැ නේ
දේශපාලනයට මුවාවී සිදු කරන හොරකම, දුෂණය නැවැත්විය හැකි එක කණ්ඩායමක් ඉන්නවා. ඒ අය ලබන සැරේ බලයට පත් වෙනවා.
express pearl නැවේ වන්දියට මොනවද උනේ ?
ජේවීපී එක තමුන්ගේ දායක සභාව සහ 2000න් පසු ඉපදුනු "රෝං ජෙනරේෂන්" එක තමුන් වටා කරකවමින් තියාගන්න හදාගත්තු පුස් සටන් පාඨයක් තමයි "හොරු අල්ලමු" කියන්නේ. 2010 වගේ ඉඳලා ඕක ඇඳගෙන යනවා. ෆයිල් උස්සාගෙන ඇවිල්ලා බොරු මාධ්‍යහමු පවත්වනවා. හැබැයි තමුන්ට ආණ්ඩු බලය ලැබීත් අල්ලපු හොරෙක් නෑ. මතකයිනේ 2015 යහපාලන ගුබ්බෑයමේ රිංගාගෙන මොකක්දෝ කොමිටියකත් හිටියනේ නායක සහෝදරයා...
තමුන්ට ජාතික ලැයිස්තුවෙන් ඇවිත්, අධිකරණ ඇමැතිකම දුන්නෙත්, හොරු රකින්න වැඩකරපු නිසානේ...!
මේ උන්දැට නම් හොරු ඇල්ලීම කෙසේවෙතත් හොරුන්ව නිදහස් කරගැනීමේ හොඳ පළපුරුද්දක් තියනවා...!
සර් තවම හොරු නොවන කණ්ඩායමකට බලය ලැබුණේ නෑ... ලබන සැරේ බලන්නකෝ...!
ලී කුවන් යු කෙනෙක් කියලා ගෝටව ගේන්න කතාවක් කරපු මෙයත් ලොරි ටෝක් විතරයි. ඔක්කොම හොරු
නියම හොරුන්ව දන්නවා නම් අල්ලපියකෝ , බොරුවට සැබෑ හොරු , නිර්දෝෂී හොරු , කිය කිය දඟලන්නේ නැතිය
සියයට සියයක් එකඟයි.