IMG-LOGO

ජංගම දුරකතනය පුංචි මලක් පර කරයි

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

පියාගේ ජංගම දුරකථනය පාසලට රැගෙන ගොස් සිටියදී විදුහල්පතිවරයාට අසුවීම නිසා සිත් වේදනාවට පත් වූ බව කියන අවුරුදු පහළොවක් වයස සිසුවියක නිවස තුළදී මියගොස් සිටියදි සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හීරළු නිකවැව ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවියකි.

මෙම සිසුවිය ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටියාය.

 



අදහස් (7)

ජංගම දුරකතනය පුංචි මලක් පර කරයි

ලුම්බිණි Friday, 07 July 2023 08:06 AM

හරිම දුකයි. විදුහල්පති මේ ළමයට මොනවා කිව්වද කියල හොයල බලන එක හොඳයි.

:       2       9

Samitha Senaka Aluthgamage. Friday, 07 July 2023 09:09 AM

දහසක් වැඩ රාජකාරි මදකට නවතා මේ පුංචි අහිංසක සුරංගනාවිය වෙනුවෙන් අදහසක් ලියන්නට සිතුණා. අනේ ... පුංචි සිත කෙතරම් පීඩාවකට පත්වෙන්නට ඇතිද කියා අසංවේදී විදුහල්පති වරයා අද තනිව දුක් වෙනවා ඇති.ඒත් දැන් එයින් ඵලක් නැත.පුංචි සුරඟන අප සැම අතැර ගොසිනි.අහිංසක දරුවන්ව කාරුණික ලෙස ඇමතීමට හා ඔවුන්ගේ අහිංසක සිත් ආදරයෙන් සෙනෙහසින් පිරවීමට සැමදෙනා සිතත්වා ... !!! දරුවන් වෙත අකාරුණික හා දඩබ්බර නොවී ඔවුන් ආදරයෙන් සෙනෙහසින් පිරවීමට සැමදෙනා කටයුතු කරන්නේ නම්,ඔවුන් මේ රට බබළවන පුරවැසියන් බවට පත්වෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

:       4       15

මාධව Friday, 07 July 2023 09:35 AM

විදුහල්පතිගේ ගෝත්‍රික බුද්ධිය සහ ළමා මනෝභාවයන් පිළිබඳ දැනුම පරික්ෂා කිරීමට කාලය එළඹී ඇත. ඔබට නිවන් සුව දුවේ..!!!

:       3       14

Subhashini Fernando Friday, 07 July 2023 09:51 AM

දෙමව්පියන් අවබෝධයෙන් නොසිටීම නිසා අකාලයේ පරවූ මලක්... දැන්වත් දෙමව්පියන් දරුවන් සමග යහළුවන් මෙන් අවබෝධයක් ඇතිව සිටින්නට අවශ්‍ය කාලයක් මේ...

:       1       7

pakeer Friday, 07 July 2023 12:43 PM

හරිම ඛේදනීයයි... මේ දේ පිළිබඳ යම්කිසි දෙයක් සිතා ගැනීමට තරම් දෙයක් නැත.

:       0       5

Kodi Friday, 07 July 2023 07:40 PM

මීට වසර 15කට පමණ පෙර මට මෙවැනිම අත්දැකීමක් ලැබුණි. එක්තරා පාසලකට සාමාන්‍ය පෙළ දරුවෙක් අසභ්‍ය සීඩී තැටියක් ගෙනගොස් ගුරුවරුන්ට හසුව පසුව එය විදුහල්පති දක්වා ගොස් ළමයා පාසැලෙන් ඉවත් කිරීමට තීරණය කර තිබුණි. අධික මානසික කම්පනයකින් පසුවුන දරුවා සිය දිවි නසා ගැනීමට ආසන්නම අවස්ථාවක මම මේ ගැන දැනගෙන වහාම දරුවා හමුවී කතාබස් කර ඔහුගේ සිත හදා අප ගමේ පාසලේ විදුහල්පති තූමිය සමගද කතා කර ඔහු එම පාසැලට ඇතුලත් කළා. එදා මට ඒ දරුවා එසේ සම්බන්ධ නොවුණා නම් මේ ඉරණම ඔහුටද වනු නිසැකයි. අද ඔහු දරු දෙදෙනෙකුගේ පියෙකි. ඉතා සාර්ථකව පවුල් ජීවිතය ගත කරයි...

:       0       0

බද්රානි Friday, 07 July 2023 08:41 PM

බොරුවට දුරකථනයට බැනලා වැඩක් නැහැ. ඒ මන්ද බුද්ධික විදුහල්පතිවරයා වහාම පුනරුත්ථාපනය කළ යුතුයි. මේ වර්තමාන සමාජයේ දුරකථනය, සමාජ උවදුරක් ලෙස දකින මෙවැනි උන්මන්තකයින් කොහොමද සමාජයක පෙර ගමන්කරුවන් වෙන්නේ...? පව්! ලංකාවේ පිස්සන් නිසා අකාලයේ පරවෙන්නේ, මේ රටේ ළමා සම්පතයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 652 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 776 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 337 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site