ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
පියාගේ ජංගම දුරකථනය පාසලට රැගෙන ගොස් සිටියදී විදුහල්පතිවරයාට අසුවීම නිසා සිත් වේදනාවට පත් වූ බව කියන අවුරුදු පහළොවක් වයස සිසුවියක නිවස තුළදී මියගොස් සිටියදි සොයාගත් බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හීරළු නිකවැව ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවියකි.
මෙම සිසුවිය ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිටියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම දුකයි. විදුහල්පති මේ ළමයට මොනවා කිව්වද කියල හොයල බලන එක හොඳයි.
දහසක් වැඩ රාජකාරි මදකට නවතා මේ පුංචි අහිංසක සුරංගනාවිය වෙනුවෙන් අදහසක් ලියන්නට සිතුණා. අනේ ... පුංචි සිත කෙතරම් පීඩාවකට පත්වෙන්නට ඇතිද කියා අසංවේදී විදුහල්පති වරයා අද තනිව දුක් වෙනවා ඇති.ඒත් දැන් එයින් ඵලක් නැත.පුංචි සුරඟන අප සැම අතැර ගොසිනි.අහිංසක දරුවන්ව කාරුණික ලෙස ඇමතීමට හා ඔවුන්ගේ අහිංසක සිත් ආදරයෙන් සෙනෙහසින් පිරවීමට සැමදෙනා සිතත්වා ... !!! දරුවන් වෙත අකාරුණික හා දඩබ්බර නොවී ඔවුන් ආදරයෙන් සෙනෙහසින් පිරවීමට සැමදෙනා කටයුතු කරන්නේ නම්,ඔවුන් මේ රට බබළවන පුරවැසියන් බවට පත්වෙන බව අමුතුවෙන් කිවයුතු නොවේ.
විදුහල්පතිගේ ගෝත්‍රික බුද්ධිය සහ ළමා මනෝභාවයන් පිළිබඳ දැනුම පරික්ෂා කිරීමට කාලය එළඹී ඇත. ඔබට නිවන් සුව දුවේ..!!!
දෙමව්පියන් අවබෝධයෙන් නොසිටීම නිසා අකාලයේ පරවූ මලක්... දැන්වත් දෙමව්පියන් දරුවන් සමග යහළුවන් මෙන් අවබෝධයක් ඇතිව සිටින්නට අවශ්‍ය කාලයක් මේ...
හරිම ඛේදනීයයි... මේ දේ පිළිබඳ යම්කිසි දෙයක් සිතා ගැනීමට තරම් දෙයක් නැත.
මීට වසර 15කට පමණ පෙර මට මෙවැනිම අත්දැකීමක් ලැබුණි. එක්තරා පාසලකට සාමාන්‍ය පෙළ දරුවෙක් අසභ්‍ය සීඩී තැටියක් ගෙනගොස් ගුරුවරුන්ට හසුව පසුව එය විදුහල්පති දක්වා ගොස් ළමයා පාසැලෙන් ඉවත් කිරීමට තීරණය කර තිබුණි. අධික මානසික කම්පනයකින් පසුවුන දරුවා සිය දිවි නසා ගැනීමට ආසන්නම අවස්ථාවක මම මේ ගැන දැනගෙන වහාම දරුවා හමුවී කතාබස් කර ඔහුගේ සිත හදා අප ගමේ පාසලේ විදුහල්පති තූමිය සමගද කතා කර ඔහු එම පාසැලට ඇතුලත් කළා. එදා මට ඒ දරුවා එසේ සම්බන්ධ නොවුණා නම් මේ ඉරණම ඔහුටද වනු නිසැකයි. අද ඔහු දරු දෙදෙනෙකුගේ පියෙකි. ඉතා සාර්ථකව පවුල් ජීවිතය ගත කරයි...
බොරුවට දුරකථනයට බැනලා වැඩක් නැහැ. ඒ මන්ද බුද්ධික විදුහල්පතිවරයා වහාම පුනරුත්ථාපනය කළ යුතුයි. මේ වර්තමාන සමාජයේ දුරකථනය, සමාජ උවදුරක් ලෙස දකින මෙවැනි උන්මන්තකයින් කොහොමද සමාජයක පෙර ගමන්කරුවන් වෙන්නේ...? පව්! ලංකාවේ පිස්සන් නිසා අකාලයේ පරවෙන්නේ, මේ රටේ ළමා සම්පතයි...