(යොහාන් භාසුර)
වර්තමාන කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දැනට පවතින අවුරුදු 5 ක සේවා කාලය සහ සේවකයින් 15 ක් සිටීමේ සීමාව ඉවත් කරන බවත් එම නීතිය වර්ෂයකට දින 180 ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු යැයි නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (6) පැවසීය.
පඩිපාලක සභා තීරණ සහ ව්‍යවස්ථාපිත නීතිය තුළන් අවම වැටුප් තීරණය කරන ක්‍රමය වෙනුවට ජාතික වේතන කවුන්සිලයක් හඳුන්වා දීමට සහ එම ආයතනයට කාලීනව හා පිළිගත් නිර්ණායකයන් මත අවම වැටුප් තීරණය කිරීමට බලය පවරන බවත් අමාත්‍යවරයා කීය.
නූතන වැඩ ලෝකයට ගැලපෙන කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කිරිමෙන් පසුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (6) එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතා හොඳ තීරණයක්
රේට් එක හදන්නේ කොහොමද .මනූශ ඔයාට ඒක කියන්න අමතක වෙලා.