(යොහාන් භාසුර)
විදුලි සම්බන්ධතාවයක් ගැනීමේදී පාරිභෝගිකයා තැන්පත් කරන මුදලට පොලිය මෙම මස (ජූලි) සිට ගෙවීමට විදුලිබල මණ්ඩලය පොරොන්දු වූ බව විදුලි, පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සාමාජික ආචාර්ය නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා පැවසීය.
විදුලිබල පනත ප්‍රකාරව පොලිය විදුලි පාරිභෝගිකයින්ට හිමි පොලිය විදුලිබල මණ්ඩලය දීමට විදුලිබල මණ්ඩලය කටයුතු නොකිරීම නිසා අධිකරණයට ගොස් සටනක් කිරීමට සිදුවූ බව කී රවීන්ද්‍රනාත් දාබරේ මහතා එහි විදුලිබල මණ්ඩලය පොලිය ගෙවීමට එකඟ වූ බව ද සඳහන් කළේය.
සාමාන්‍ය ජනතාවගේ තැන්පතු වෙනුවෙන් පොලිය පළමුවෙන් ගෙවන ලෙස ඉල්ලීමක් කළ බවත් එම පොලිය මුදලින් ගෙවන ලෙස ද ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd