දොස්තරලාගේ වැටුප් වංචා කළාට වසර 6ක් හිරේට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් සිව්දෙනෙකුගේ වැටුප් වංචා කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් කළමනාකාර සහකාරවරයාට වසර 06 ක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණය විනිසුරු අමල් රණරාජා මහතා රුපියල් එක්කෝටී හැටහය දහසකට අධික දඩයක්ද අද ඔහුට පැනවීය. 05 December 2022
ඇමැති නිමල්ගේ පෙත්සම අධිකරණය විසි කරයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් තමා ඉවත් කිරීමට ගත් තීරණය තහනම් කරන්නයි ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා කළ ඉල්ලීම කොළඹ අතිරේක දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය අද (05) ප්රතික්ෂෙප කළාය. 05 December 2022
බදුබරට එරෙහි තැන තැන විරෝධතා ’’ජනතාවට සහන නැති - බදු බර වැඩි කළ , රාජ්‍ය දේපල විකුණන - රටම යළිත් ණය කරා රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ අයවැයට එරෙහි නැගිටිමු ’’ .යන මැයෙන් අන්තර් සමාගම් සේවක සංගමය 5 සහ 6 දෙදින පුරා සිදුකිරීමට නියමිත රජයට එරෙහි උද්ඝෝෂන මාලාවක් ස්ථාන කීපයකදි පැවැත්විණි 05 December 2022
සුදු ඩීසල් මිල අඩු වෙයි ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අද (05) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10ක් අඩු කළ බව ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාව සඳහන් කරයි. 05 December 2022
නාලක ගොඩහේවාට එරෙහි නඩුවට දින දෙයි ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවට අයත් රුපියල් ලක්ෂ 50 ක මුදලක් “තාරුණ්‍යයට හෙටක්” සංවිධානයට ලබාදී එම මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය නාලක ගොඩහේවා ඇතුළු විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුවේ තීන්දුව ජනවාරි 26 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (05) දින නියම කළේය. 05 December 2022
ලංගම සභාපතිට, අධ්‍යක්ෂක මණ්ඩලයට යන්න කියයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සභාපති කිංස්ලි රණවක මහතා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය වහාම ඉවත් ඉවත් විය යුතු බවටප්රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලිඛිතව දැනුම් දී තිබේ. 05 December 2022
පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් දින 3ක් පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුව මේ මස 6,8 සහ 9 යන දිනවල තවදුරටත් ක්‍රියාත්මක කිරීමට සහ පෝය දිනය වන අනිද්දා (7) පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (5) පස්වරුවේ පැවසීය. 05 December 2022
’’මම පක්ෂෙ දාල යන්නේ නෑ’’ තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර දමා, වෙනත් කිසිදු පක්ෂයකට එකතු නොවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි. 05 December 2022
මුදල් නැතිව සුළං බලාගාර අතරමඟ නවතී මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ ඉදි කරන සුළංබළාගාරය සඳහා මුල්‍ය ප්‍රතිපාදන නොමැති නිසා එම කටයුතු අතරමග නතර වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග කියයි. 05 December 2022
ලිට්රෝ ගෑස් මිල ඉහළ යයි ලිට්රෝ ගෑස් මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව එම සමාගම පවසයි. 05 December 2022
ශානිට රැකවල් හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට තීරණයක් ඇතැයි පොලිස්පතිවරයා අද (05) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 05 December 2022
මත්තල ගුවන්තොටුපොළේ තිත්ත ඇත්ත හෙළිවෙයි මාසයකට ලක්ෂ 85ක ආදායමක් උපයන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මාසික වියදම ලක්ෂ එක්දහස් හයසීයක් බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය. 05 December 2022
සභයට එන්න පාර කැපූ කෙනාට රතු පාස්පෝට් දීම වැරදිද? ඔබතුමාට පාර්ලිමේන්තුවට එන්න පක්ෂය දුන්න එක් කෙනාට රතු පාස්පෝට් එකක් දෙන එක ප්‍රශ්නයක් නෙමෙයි නේදැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අමතමින් පැවසීය. 05 December 2022
වැඩි පඩි ඉල්ලා විරෝධයක් වැඩ කරන ජනතාවට ජීවත්වීමට සරිලන දීමනාවක් ඉල්ලා දුම්රිය වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 05 මරදාන දුම්රිය මූලස්ථානය මූලස්ථානය ඉදිරිපිට පැවැත්විණි. 05 December 2022
රනිල් ජනපති කිරීම හොඳ තේරීමක් හිටපු ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු රටේ ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පත්කරගැනීම නිවැරැදි තෝරා ගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. 05 December 2022
මුතු මැණික් කැටයම් ජනවාරියේ ලොවට පෙන්වයි ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළඳ ප්‍රදර්ශන දාමයේ වඩාත් ජනප්‍රිය ප්‍රදර්ශනය ලෙස නම් කළ හැකි ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ලබන ජනවාරි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වේ. 05 December 2022
විදෙස් පුරවැසි මන්ත්‍රීවරියට පාස්පෝට් දෙන්න ආගමන විගමන පාලක ඉවත් කරලා විදෙස් පුරවැසි මන්ත්‍රීවරියකට රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් ලබා දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආගමන විගමන පාලක ඉවත් කොට අලුත් ආගමන විගමන පාලකවරයෙක් පත් කර ඔහු ලවා අදාල බලපත්‍රය නිකුත් කර ඇතැයි සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2022
සරසවි වරම් ලැබූ ලාබාල සිසුවා ඇගැයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට වරම් ලැබූ මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 14 හැවිරිදි දෙවුම් සනහස් රණසිංහ සිසුවා පිළිගැනීමේ උළෙලක් අද පෙරවරුවේ එම විද්‍යාලයේදී පැවැත්විණි 05 December 2022
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට ඉන්දියාවේ සහය ආනයනික කිරි පිටි මත යැපීම වලක්වා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට අවශ්‍ය කෙටි, මධ්‍ය සහ දිගුකාලීන සැලැස්මක් සකස් කිරීම සඳහා ඉන්දියාවේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ බහුවිධ කණ්ඩායම සමඟ කටයුතු කිරීමට මෙරට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ. 05 December 2022
අලුත්කඩේ රන්ගුලි සිද්ධිය සී.අයි.ඩීයට කොළඹ අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ තිබු පවුම් 49 රණ්කැබලි දෙකක් සහ උණු කළ රන් ගුලියක් සොරා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 05 December 2022
චීන තරඟය ජයගත් ලාංකික කථිකාචාර්යවරයා චීනයේ ‘චයිනා ඩේලි’ පුවත්පතෙහි අනුග්‍රහයෙන් පැවති “මගේ විශ්ව විද්‍යාල කතන්දරය” නැමති ජාත්‍යන්තර තරගයේ පළමු ස්ථානය හිමිකරගැනීමට චීනයේ යුන්නාන් විශ්ව විද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකිකයකු වන සුගත් රත්නායක මහතා සමත්ව ඇත. 05 December 2022
පාසල් ළමුන්ට දෙන්න ගෙනා මත්පෙති සමඟ 2ක් මාට්ටු පාසල් ළමුන් වෙත බෙදාහැරීම සඳහා මත්පෙති කරල් 400 රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු වවුනියාව, නෙලුක්කුලම ප්‍රදේශයේදී ඊයේ (04) සවස අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 05 December 2022
කොටවිල අධිකරණයට යන්න වෙන්නෙ නහය වහගෙන මාතර අධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ල කොටවිලට ගෙන ඒම හොඳ නමුත් එම ගොඩනැගිල්ලේ අල්ලපු වැටේ දුර්ගන්ධය ඉවසා ගන්නට බැරි කුණු කන්දක් තිබෙන බැවින් මාතර අධිකරණය කුණු ගොඩට වීසි කළා යැයි කතාවක් හැදෙන්නට බැරි නැතැයි පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 December 2022
ඕස්ට්‍රේලියන් අගමැතිට කොවිඩ් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් කොවිඩ් රෝගය වැළඳී ඇතැයි අද (05) තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ඒ හේතුවෙන් තම රාජකාරි කටයුතු නිවසේ සිට හුදෙකලා වී සිදුකරන බව අග්‍රාමාත්‍ය ඇල්බනීස් පවසා ඇත. 05 December 2022
එතෙර පනින්න ගිය 20ක් මාට්ටු නිති විරෝධි ලෙස විදේශිය රටකට සංක්‍රමණය විමට යාත්‍රා කරමින් තිබු සැක කටයුතු බහුදින යාත්‍රාවක සිටි 20 දෙනෙකු ත්‍රිකුණාමලය වරායට ඔබ්බෙන් පිහිටි පවුල් තුඩුව ආසන්නයේ අද (05) අළුයම අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. 05 December 2022
ඩෙප්ට එරෙහිව ඇම්බර් යළිත් නඩු මඟට තමන් මීට පෙර නඩුව වැරදි ප්‍රාන්තයේ ගොනුකරා යැයි පවසමින් හොලිවුඩ් නිළි ඇම්බර් හර්ඩ්, නැවත වරක් ඇයගේ හිටපු සැමියා වන හොලිවුඩ් නළු ජොනී ඩෙප්ට විරුද්ධව අපහාස කිරීමේ චෝදනා මත නඩුවක් ගොනු කර තිබේ. 05 December 2022
පාසල් ආපන ශාලාවේ කත දරුවන්ට කුඩු බෙදලා? ගම්පහ මල්වතුහිරිපිටියට නුදුරු මහ විදුහලක ආපන ශාලාවකින් තිබී මත් කරල් සහ මත් පැකට් කිහිපයක් සමග එම ආපනශාලාව පවත්වා ගිය 42 හැවිරිදි කාන්තාවක, අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලීසිය සදහන් කරයි. 05 December 2022
හොඳ අලි පෝලිමේ එනවා කරඬුව ගෙන යන ජාතියේ හොඳ අලි ඉදිරියේදී මේ පැත්තට පෝලිමේ එන බව පොදුජන පෙරමුණේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබෙිගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 05 December 2022
කොළඹ වරායට සහතිකයක් කොළඹ වරාය 2022 වසරේ දකුණු ආසියාවේ ඉහළම කාර්ය සාධනයක් ඇති වරාය බව වෙළඳාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ. 05 December 2022
අල්ලන හෙරොයින්වලට වෙන දේ අධිකරණ ඇමති හෙළි කරයි නීතිය ක්‍රියාත්මක කරන ආයතන අත්අඩංගුවට ගන්නා හෙරොයින් ’’පාන් පිටි’’ බවට පත්වී බොහෝ අවස්ථාවල නීතිය ක්‍රියාත්මක කෙරෙන කාල සීමාවේදීම වෙළෙඳපොළට නැවතත් පැමිණ ජනතාව අතට පත්වන ප්‍රවණතාවක් පවතින බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය. 05 December 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026