(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් නිලධාරීන්ගේ මෙන්ම නිළ ඇඳුමේ ගෞරවය ද කෙලෙසන ආකාරයෙන් පිලියන්දල පොලිසිය වෙත පැමිණි සියලුම තරාතිරමේ නිලධාරීන් ට බැන වැදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (6) කැඳවා පැය 7 කට අධික කාලයක් ප්‍රකාශ ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
අද පෙරවරු 9.30 සිට පස්වරු 4.00 දක්වා සහකාර පොලිස් අධිකාරී වරයා ගෙන් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගෙන තිබිණි
ඇසළ පොහෝ දින පිලියන්දල පොලිසිය වෙත පැමිණ තිබූ සහකාර පොලිස් අධිකාරීවරයා ඔහු දන්නා හඳුනන කාන්තාවන් කරන ලද පැමිණිල්ලක් කඩිනමින් විභාග නොකලැයි ආවේගශීලීව එම අවස්ථාවේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බැන වැදී පොලිස් භූමිය තුළ ඒ මේ අත ඇවිදිමින් පැයකට අධික කාලයක් ගත කර තිබිණි
ව්‍යාපාරික කටයුත්තක දී ඇති වූ මුදල් ආරවුලක් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරීවරයාගේ සමග පැමිණි කාන්තාව ඉකුත් 2 වෙනි දින පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබූ අතර ඊට සම්බන්ධ වගඋත්තරකාර පාර්ශ්වය පැය විසිහතරක් යාමට මත්තෙන් පොලිසිය වෙත කැඳවා කඩිනමින් විභාග නොකළ බවට සහකාර පොලිස් අධිකාරීවරයා එහි සිටි පොලිස් නිලධාරීන්ට ඉතාමත් පහත් ආකාරයෙන්මෙන්ම උසස් පොලිස් නිලධාරියෙකුට සුදුසු නොවන ආකාරයෙන් බැන වදිමින් ආවේගශීලීව හැසිරී තිබිණි
පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය මෙන්ම පොලිස් නිළධාරීන්ගේ නිල ඇඳුමේ ගෞරවයටද හානිදායක ලෙස විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සහකාර පොලිස් අධිකාරීවරයා ගේම හැසිරීම සම්බන්ධයෙන් විවිධ අවශ්‍යතා සඳහා එම අවස්ථාවේදී පොලීසියට පැමිණ සිටි විශාල ජනතාවක් මෙන්ම මාර්ගයේ ගමන් ගත් ජනතාවද දැඩි පිළිකුලෙන් හෙළා දකින්නට වූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න පොලිස්පති ධුරයට නියම සුදුස්සා. වහාම පත්කරනු...
පැය ගණන් ප්‍රශ්න කලේ මොනවද .රාජකාරියට බාධා කළා කියලා අත්අඩංගුවට අරන් උසාවි දානේ නැත්තේ ඇයි .සාමාන්‍ය කෙනෙක් නිකන් ප්‍රශනයක් ඇහුවම රාජකාරියට බාධා කළා කියන චෝදනාව දානවා නේ .මේ නිලධාරීන්ට පොලී මුදලාලිගේ සල්ලි එකතු කරන්න පොලිසිය යොදා ගන්න බෑ
කොහොම වෙතත් , උදව්වක් තල්ලුවක් නැතුව මෙම ආයතනය රාජකාරි කරන්නේ නැහැ . උදේට 119 කතා කලොත් රෑ 12.00 පැමිණිල්ල බලන්න එන පොලීසියක් .
පොලිස් කියන්නේ උන්ගේ විතරක් සාධාරණය කරන ජරාම හැත්තක්
ලෝකෙට ලොක්කන් මම තමයි ලංකාවේ.. නීතියක් තියේද පොලිසියට... නීතියක් නැති රටට මොකා වැරැද්ද කරත් දඬුවමක් නැති රටක් මෙහෙම කෑ ගහන එක අහන්න දෙයක්යෑ...
ලෝකෙට ලොක්කන් මං තමයි බොල... ලංකාවේ කිසිම නීතියක් නැති රටක්... මහ උදවිය තමයි මේ ඔක්කොම නීති කඩන්නේ. අපි මේ පොලීසිය තමයි මුලින්ම හදන්න ඕනෑ.. මේ සක්කිලි පොලීසිය නිසා කොච්චර මිනිස්සු නොමඟ ගිහිල්ලා තියෙනවාද?
ඉහළම තලයට යාමට විශේෂ සුදුසුකම් ඇතිබව ඔහු කලින්ම පෙන්නලා තියෙනවා. ඒකයි විශේෂත්වය...
මේ මනුස්සයා කියපු දේවල් ඇත්ත... මුදල් හෝ වෙනයම් ආකාරයේ අල්ලසක් නොදී පොලිසියෙන් වැඩක් කරගන්න බැහැ. පොලිසිය සාධාරණ නැහැ... මේක සියලු දෙනාම දන්නවා...