(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තීන්දු ගන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලන අනාගතය ගැන සිතා නොව රටේ දෙකෝටි විසි ලක්ෂයක් වන සමස්ථ මහජනතාවගේ අනාගතය ගැන සිතන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
ජනතාව වෙනුවෙන් බංකොලොත් රට බාරගත් රනිල් වික්‍රමසිංහ දැන් ලෝකයටම ආදර්ශයක් දෙමින් රට නැවත යථා තත්ත්වයට පත් කරමින් සිටින බව කී අබෙිවර්ධන මහතා එවැනි ආර්ථික වශයෙන් කඩා වැටුණු ලෝකයේ ඇතැම් රටවල් මේ වනවිටත් ගොඩ ඒමට සමත් වී නැතැයි කීය.
ජනපති පැරීසියේදීත්, එංගලන්තයෙදීත් ලෝකයේ ආධාර දෙන සෑම කණ්ඩායමක් සමඟම ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදවා ගැනීම පිළිබඳව අඛණ්ඩව සාකච්ඡා කර තිබෙන ඒ සෑම රටක්ම වත්මන් වැඩපිළිවෙල අගය කොට තිබෙන බව පැවසීය.
මෙවැනි කඩා වැටුණු රටක් ගොඩගැනීමට නීතීරීතී, අණපනත්, විවිධ සංශෝධන අවශ්‍ය කරන අතර ඒවා ලෝකයේ වෙනත් රටවල් පවා අනුගමනය කරන බව කී අබෙිවර්ධන මහතා නමුත් එම නීතීරීතී වැරදි විදිහට විවේචනය කරමින් රටේ ජනතාව නොමඟ යැවීමට විපක්ෂය ප්‍රමුඛ ඇතැම් කණ්ඩායම් කටයුතු කරන බව පෙනෙන්නට තිබෙන බවද ජනතාව මේ ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතු යැයිද සඳහන් කළේය.
කොළඹ දී මාධ්‍යයට මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් වජිර අබෙිවර්ධන මහතා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙන් පැරදිලා නන්නත්තාර වෙලා ඉඳලා රනිල්ගේ නැට්ටේ එල්ලිලා පාර්ලිමේන්තුවට රිංගන් පිස්සු දොඩවන මේ මගෝඩිස්තුමා රනිල් ගැන කියන්නේ හරියට රටේ මිනිස්සු රනිල් ගැන නොදන්නවා වගේ.. අනිත් අතට රනිල් කියන්නේ ගොළුවෙක් නොවන නිසා අමුතුවෙන් අය ඕන වෙන්නේ නෑ ඔහුට ඔහු කරන කියන දේ ගැන රටේ ජනතාවට කියන්න...
ඔව් ඒක ඇත්ත, රනිල් ගොඩක් හිතන්නේ රාජපක්ෂ සහ අර්ජුන මහේන්ද්‍රන් ගැන විතරයි.
රනිල් තමන් ගැන හිතන්නේ නෑ. හිත්නනේ 134ක් ගැන...
මහ බැංකුව කැඩුවේත් දෙකෝටි විසි ලක්ෂයේ අනාගතය ගැන හිතලා වෙන්න ඇති....නිකම් යන්න මෙයා.
ගෙදර ගෑනි වත් රනිල් ගැන මේ මිනිහා තරම් දන්නේ නැතුව ඇති .උපරිම සමනල සම්බන්ධතාවක් තියෙන්න
කවුරුවත් හිතන පතන දේවල් ගැන අපට වැඩක් නැහැ .ව්‍යවස්ථාව සහ රටේ නීතිය ට අනුකූලව හොරකම් වංචා දූෂණ නොකර හොරු ආරක්ෂා නොකර කටයුතු කරනවා නම් අපට ප්‍රශ්නයක් නැහැ .නමුත් එහෙම දෙයක් වෙන බව පෙනෙන්න නැහැ
රටේ මිනිස්සු රනිල් ගැන හිතන්නෙත් නෑ.. ඒකයි අන්තිම ඡන්දෙ මනාප 17000 යි, ඔයාට මනාප 4800යි දුන්නේ.. පොර වෙන්න හදනවා...
ඇත්තම නම් රනිල් වෙන කිසිම දෙයක් නොහිතන තමන් ගැනම පමණක් හිතන කෙනෙක්. රටේ තිබුණු ලොකුම දේශපාලන පක්ෂය නැත්තටම නැති කළේ රට ගැන හිතලාද?
සුදු තීන්ත බාල්දියකුත් අරගෙන ඇම්බැට්ටයෝ දෙන්නෙක් බරටම වැඩ...
රනිල්ට වැඩකට ඇති දේශපාලන ඉතිහාසෙකුත් නැහැ. වර්තමානයකුත් නෑ. අනාගතයකුත් නෑ. ඒක ඔහේට තේරෙන්නෙත් නැහැ. රනිල්ට තේරෙන්නේ නෑ.
ඔව් ඔව් .තමන් ගැන හිතන්නේ නැහැ තමාගේ ගෝලයින්ට අලුත් තනතුරු හදලා දෙන්නේ කොහොමද කියලා හිත හිතා තමයි ඉන්නේ