(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නඩු විභාගයට ජූරි සභාවක් අවශ්‍ය නොවන බව ඔහුගේ නීතිඥවරයා සිඩ්නි ඩවුනින්ග් සෙන්ටර් අධිකරණයේදී ප්‍රකාශ කර ඇත.
ඒ ධනුෂ්ක ගුණතිලකගේ නඩුව විභාග කිරීම විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ පමණක් නඩුව ඇසීම සිදුකරන ලෙස ඉල්ලමින් අයැදුම් පතක් ගොනු කරන තෙක් ප්‍රමාද කරන ලෙස නීතිඥවරයා ඉල්ලීමක් කරමිනි.
ධනුෂ්ක ගුණතිලකට කාන්තාවකට අතවර කිරීම සම්බන්ධයෙන් පොලිසිය චෝදනාවක් එල්ල කර තිබේ.ඔහුට චෝදනා 4 ක් එල්ල වී තිබූ අතර පසුගිය නඩු වාරයේදී ඉන් චෝදනා තුනක් ඉල්ලා අස් කර ගැනීමට රජයේ නීතිඥවරයා කටයුතු කළේය.
එළඹෙන 24 වැනිදා පැවැත්වෙන නඩු විභාගයේදී රජයේ නීතිඥවරයා එම ඉල්ලීම පිළිබඳ විරෝධතා ගොනු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
’’ගුණතිලකගේ නඩුවට ජූරි සභාවක් අවශ්‍ය නෑ’’
de silva Friday, 07 July 2023 12:03 PM
විනය කඩ කරන ක්‍රීඩකයෝ කණ්ඩායමේ නැතිවුණාම කණ්ඩායම හොඳින් ක්‍රීඩාකරන බව පේනවා.
sarath Friday, 07 July 2023 07:11 PM
ඔය විෂබීජය ඕස්ට්‍රේලියාවේ පුළුවන් කාලයක් රඳවාගන්න එක අපේ ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලොකු උපකාරයක්...!