රෝහල්වලට යුද හමුදාව කැඳවයි වැඩ වර්ජන හේතුවෙන් අඩාල වන රෝහල් කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සදහා රෝහල්වල දෛනික කටයුතුවලට යුද හමුදාව යෙදවීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා අද (16) උපදෙස් දී තිබේ. 16 January 2024
අවලෝකේතීශ්වර අධිකරණයට ගෙනෙයි අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා රැගෙන ආවේය. 16 January 2024
ඉන්දියාවේ දකුණු කොටසට ලංකාවේ අතිරික්ත විදුලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා අරඹා ඇතැයි ද එම සාකච්ඡා ප්රගතිශීලී අදියරක තිබෙන්නේ යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තයේ දී පැවසීය. 16 January 2024
සෞඛ්‍ය වෘත්තීය සමිති - ඇමති සාකච්ඡාවක සංකේත වැඩවර්ජනයක නිතරව සිටින සෞඛ්‍ය වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සෞඛ්‍ය අමාත්‍යංශයේ මේ වන විට විශේෂ සාකච්ඡාවකට සහභාගි වී සිටියි. 16 January 2024
තැඹිලි කැඩීමට ගිය සිසුවා විදුලි සැරෙන් මරුට රත්තොට පුස්සැල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවකු පාසලේ ගසකින් තැඹිලි කැඩීමට ගිය අවස්ථාවේ අසල ඇද තිබූ අධිබලැති විදුලි රැහැනක පැටලී විදුලි සැර වැදි මියගොස් ඇතැයි රත්තොට පොලිසිය පවසයි. 16 January 2024
රනිල්ට තව අවස්ථාවක් දිය යුතුයි ආර්ථිකය ගොඩනඟා රට ස්ථාවර කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබාදිය යුතු බව ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 16 January 2024
බදුල්ල කොළඹ පාර සතියකට පසු විවෘත වෙයි බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7කණුව ප්‍රදේශයේ දී නාය යාමට ලක් වීම නිසාවෙන් වසා දමා තිබූ බදුල්ල බණ්ඩාරවෙල අතර මාර්ගය සතියකට පසුව අද (16) යලි විවෘත කල බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි . 16 January 2024
රිය අනතුරින් කම්කරුවා මරුට දුම්මලසූරිය විලත්තව ප්‍රධාන මාර්ගයේ තල්කටුව ප්‍රදේශයේදී සිදුවූ වෑන් රථ යතුරුපැදි අනතුරකින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසිය පවසයි. 16 January 2024
රතු මුහුදේ ඇමෙරිකන් නැව්වලට යවුති ප්‍රහාර රතු මුහුදේ ඇමෙරිකන් යුද නෞකාවකටත්, භාණ්ඩ ප්‍රවාහන නෞනාවකටත් යේමනයේ ක්‍රියාත්මක ෂියා මුස්ලිම් හවුති සටන්කාමීහු බැලැස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළහ. 16 January 2024
රිපබ්ලිකන් අපේක්ෂකයන් පරදා ට්‍රම්ප් ඉදිරියට ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම 2024 වසරේ පැවැත්වීමට නියමිත අතර, ඊට පෙර ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන්, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා තෝරා ගැනීමට පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුම් පැවැත්වෙයි. 16 January 2024
සෞඛ්‍ය සේවකයෝ සත්‍යග්‍රහයක සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සාධාරණය ඉල්ලා ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය ක්‍රියාත්මක කරන සංකේත වැඩවර්ජනයට සමගාමීව සෞඛ්‍ය සේවකයෝ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (16) පෙරවරුවේ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. 16 January 2024
බදුල්ල ඒ් 5 පාර යථා තත්ත්වයට ලුණුගල විස්ස කණුව අසලින් අද (16) විශාල පස් කන්දක් කඩා වැටී අවහිර වී තිබූ බදුල්ල මඩකලපුව ඒ 5 චෙංකලඩි මාර්ගය පැයකට වඩා අඩු කාලයකින් යන්ත්‍රානුසාරයෙන් පස් ඉවත්කර පිළිසකර කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. 16 January 2024
පී සී ’අයිස්’ සමඟ මාට්ටු මිහි ජය සෙවන පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි 16 January 2024
උඩරට දුම්රිය ධාවනය යථා තත්ත්වයට උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේස්වෙස්ටන් හා රදැල්ල දුම්රිය ස්ථාන අතර දුම්රියක් පිලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා අද (16) උදෑසන වනවිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි. 16 January 2024
වැස්ස නවතී:මල්තුහින පතිත වේ දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 January 2024
පාතාල ආරෝවකින් අයෙක් මරුට මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණයේදී ත්‍රිරෝද රියකින් පැමිණි දෙදෙනකු ඊයේ රාත්‍රි සිදු කළ වෙඩි තැබිමකින් තුවාල ලැබූ පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මීජයසෙවන පොලිසිය පවසයි. 16 January 2024
එළවළු මිල දැක පාරිභෝගිකයෝ ආපසු දුවති ඉතිහාසයේ කිසිදා නොවු විරු අයුරින් අනුරාධපුර මහජන පොලේදි කැරට් කීලෝව රැපියල් 2000 කට අළෙවි කෙරැණි. 15 January 2024
ඇමැති මැදිහත් වී ඇරැඹූ මාතර - කොළඹ සැප බස් නතර වෙලා කොළඹ - මාතර දක්වා පැය දෙකකින් ලගාවිය හැකි පරිදි ආරම්භ කළ අධිසුඛෝපභෝගී අධිවේගී පුද්ගලික බස් රථ සේවය අත්හිටුවා ඇතැයි ජනතාව චෝදනා කරති. 15 January 2024
පානදුර දියඹේ ලොකු අනතුරක් නුලෙන් බේරෙයි පානදුර මුහුදේ දියනාමින් සිටි තරුණයන් දෙදෙනකු සහ තරුණයන් දෙදෙනකු රළ පහරට හසුව දියඹ දෙසට ගසාගෙන යද්දී ඔවුන් සිවු දෙනා බේරාගැනීමට පානදුර පොලිස් ජීවිත ආරක්ෂක නිළධාරීහු සමත් වූහ. 15 January 2024
පාර්ලිමේන්තුවේ වාර අවසානය ලබන 24 පාර්ලිමේන්තුව ( නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභා වාරය) ලබන 24 වැනිදා වාර අවසාන කිරීමට නියමිත බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ. 15 January 2024
රුහුණු කුමාරිය තීරණය වෙනස් කරයි රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්ත දක්වා ගමන් කරවීමට ගත් තීරණය වෙනස් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර ඇත. 15 January 2024
හිරගෙවල් උතුරයි බන්ධනාගාරවල සිරමැදිරිවල වාට්ටුවල ධාරිතාව ඉක්මවා රඳවා සිටින රැඳවියන්ගේ ප්‍රතිශතය සියයට 232 ක් දක්වා ඉහළ නැග ඇති බව බන්ධනාගාරයන්හි පවත්නා තදබදය කළමනාකරණය කිරීම පිළිබඳ කාර්ය සාධන විගණන වාර්තාවේ දැක්වේ. 15 January 2024
උසස් පෙළ කෘෂි ප්‍රශ්න පත්‍රය පැන්නුවයි කා.කා.ස අත්අඩංගුවට මෙවර පැවැති උසස් පෙළ විභාගයට අදාල කෘෂි කර්ම ප්‍රශ්න පත්‍රය සොරාගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව ප්‍රදේශයේ විද්‍යාලයක කාර්යාල කාර්ය සහායකවරයක් අද (15) දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 January 2024
විපක්ෂ නායකවරයා ‘තෛපොංගල්’ සමරයි ‘තෛපොංගල්’ උත්සවය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී විශේෂ උත්සවයක් පැවැත්විණි. 15 January 2024
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයෙක් නැති වෙයිද? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරනයට අපේක්ෂකයෙක් ඉදිරිපත් නොවීමේ හැකියාවක් ද පවතින බව එම පක්ෂයේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 15 January 2024
දරුවකුගේ ඇඟිල්ල වෙන් කළ අයෙකු රිමාන්ඩ් බාලවයස්කාර දරුවකුගේ ඇඟිල්ලක් වෙන් වන අන්දමට කඩුවෙන් කොටා දින 11 තිස්සේ සැඟවී සිටි රාගම ප්‍රදේශයේ පුද්ගලයකු ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට වැලිසර මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදානන මහතා අද (15) නියම කළේය. 15 January 2024
උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි උඩරට දුම්රිය මාර්ගයේ ග්‍රේට්වෙස්ටන් හා නානුඔය දුම්රිය ස්ථාන දෙක අතර අද (15) තෛයිපොන්ගල්දා පස්වරු තුනට පමණ දුම්රියක් පීලි පැමිණීමට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 15 January 2024
ඉන්දීය මහ කොමසාරිස් ‘තෛපොංගල්’ සමරයි ‘තෛපොංගල්’ සැමරීමේ උත්සවයක් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රධානත්වයෙන් මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේදී අද (15) පැවැත්විණි. 15 January 2024
අඹ ඕසෙට හැදී මිල පහළ යයි ලංකාවේ අඹ අස්වැන්න වාර්තාගත අයුරින් ඉහළ ගොස් ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 15 January 2024
සැකකරුවන් 1,468ක් යුක්තිය කොටු දිවයින පුරා සිටි සැකකරුවන් 42,248 දෙනාගෙන් සැකකරුවන් 1,468 ක් යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගෙන ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි. 15 January 2024
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026