
(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ උනාකූරුව මංසන්ධියේදී බස් රථයක් හා ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රී රෝද රථයේ සිටි දෙදෙනකු බරපතල තුවාල ලබා තංගල්‍ය මූලික රෝහලට ඇතුළත් කළ බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
අද පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
අනතුරත් සමඟ ප්‍රකෝප වූ පිරිස් බස් රථයට පහර දී තිබේ.ඉන් බස් රථයේ වීදුරුවලට හානි සිදුව තිබේ. අම්පාරේ සිට සංචාරකයින් පිරිසක් රැගෙන පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට පත්ව තිබේ. බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd