
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කර තිබූ පැමිණිල්ලක විමර්ශනවලට අදාළ තොරතුරු එම පැමිණිලිකාර කාන්තාවගේ අතට පත් කර ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ඇයගෙන් ඉල්ලුවේ යැයි කියන එම කාර්යාංශයේ සැරයන්වරියකට එරෙහිව විමර්ශන ආරම්භ කළ බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.
එම මුදල ඉල්ලා මෙම සැරයන්වරියට අයත් යැයි පැවසෙන බැංකු ගිණුමද එම පැමිණිලිකාර කාන්තාවට යවා තිබෙන බව පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි කුරුණෑගල මූලස්ථාන පොලිසිය පැවැසීය.
කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ රාජකාරි කරන වෙනත් සැරයන්වරියක මේ හා සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න කොබ්බෑවෙල මහතාට පැමිණිලි කර ඇත.
මෙම සැරයන්වරියට එරෙහිව පරීක්ෂණ පොලිසිය ආරම්භ කර ඇත්තේ ඉන් පසුවය.
මෙම සිද්ධියට අදාළ වැදගත් තොරතුරු රැසක් මේ වන විටත් අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල්ගේ IMF රෝගය හොඳටම උග්‍ර අතට හැරිලා
ඉස්සර බණ්ඩාරනායක මහතා කිව්වලු දුප්පත් අයවත්, නූගත් අයවත් පොලිසියට ගන්න එපා කියලා. හේතුව දුප්පත් අය නිල ඇඳුමට මුවා වෙලා පගාව ගන්නවා, නූගත් අය නිල ඇඳුමට මුවාවෙලා බලය පෙන්නන්න හදන නිසා කියලා...
ජෙප්පන් ආවත් තාම, නැති බැරි කෙනෙක් ආවොත් ඕක තමයි වෙන්නේ...!