
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
විශ්‍රාමික යුද හමුදා මේජර්වරයෙකුගේ මතුගම තඹරැටිය නිවසේ සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
එම නිවසේ තිබී විදේශීය රටක නිෂ්පාදිත දශම 22 වර්ගයේ ජීවඋණ්ඩ 125 ක් 9 එම්. එම් වර්ගයේ ජීව උණ්ඩ 125 ක් හා 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 3 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ගිණි අවි හා ජීව උණ්ඩ ළඟ තබාගෙන සිටින පුද්ගලයකු පිළිබඳ ලද තොරතුරකට අනුව මතුගම තඹරැටිය කොමිටියාවත්ත විශ්‍රාමික යුද හමුදා මේජර්වරයාගේ නිවස පරීක්ෂාව කිරීමේදී නිවසේ අල්මාරියක් තුළ සඟවා තිබූ මෙම ජීව උණ්ඩ තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා ජාතික ජනබල වේගයේ විශ්‍රාමික හමුදා සාමුහිකයට සම්බන්ධයි කියලා කියන්න අමතක උනාද දන්නේ නැහැ ආණ්ඩුවට.