IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වඳුරු උණ ප්‍රභේදය ආසියාවටත් පැතිරේ

අප්‍රිකා කලාපීය රටවලින් පළමු වරට හඳුනා ගත්, ඉතා වේගයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් ද ඇති, ‘එම් පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරසයේ නව ප්‍රභේදය, තායිලන්තයට ව්‍යාප්ත වී ඇත. 

ඒ අනුව, ‘එම් පොක්ස් ක්ලේඩ් 1බී’ නමැති එම වයිරස ප්‍රභේදය අප්‍රිකාවෙන් පිට, ආසියානු රටකින් හමුවුණු පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

රෝග ලක්ෂණ පෙන්නුම් කළ, බැංකොක් අගනුවරට ආ ගුවන් මගියකු වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ විට, ඔහු ‘එම් පොක්ස් ක්ලේඩ් 1බී’ නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ තැනැත්තකු බව තහවුරු කරගත් බව තායිලන්ත සෞඛ්‍ය අංශ පවසයි. 

එම ආසාදිතයා 66 හැවිරිදි යුරෝපා ජාතිකයකු බවත්, ඔහු බැංකොක් අගනුවර බලා පැමිණ ඇත්තේ අප්‍රිකාවේ සිට මහා බ්‍රිතාන්‍යය හරහාය.

ආසාදිතයා සමඟ සමීප ඇසුරක් පැවැත්වුණු 43 දෙනකු හඳුනා ගැනීමට තායිලන්ත සෞඛ්‍ය බලධාරීන් සමත් වී ඇති අතර, ඔවුන් එම 43 දෙනා ගැන විමසිල්ලෙන් පසුවන බව ද වාර්තා වේ.

‘එම් පොක්ස්’ වයිරසය ලොව පුරා ව්‍යාප්තවීමට පටන් ගත්තේ 2022 වසරේදී, ‘කොවිඩ් 19’ වයිරසයේ සැර බාල වෙද්දීය. ‘එම් පොක්ස්’ වයිරසය ‘කොවිඩ් 19’ තරම් බිහිසුණු නොවන නමුත්, ඒ ගැන අවධානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත. ‘එම් පොක්ස්’ ආසාදිතයන් වන්නේ, සමලිංගිකයන්ය. 2022 වසරේ සිට මේ දක්වා තායිලන්තයෙන් වාර්තා වුණු ‘එම් පොක්ස්’ ආසාදිතයන් ගණන 800 කි. 

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

වඳුරු උණ ප්‍රභේදය ආසියාවටත් පැතිරේ

ඩොක්ටර් Friday, 23 August 2024 05:12 AM

රනිල්,සාගල , හරින් ,මනුෂ..රංගේ , වජිර, ජි එල් ...ප්‍රවේශමෙන්.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 96 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site