
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව බුදුරජාණන් වහන්සේගේ උරුමයෙන් පැවැත එන රටක් බැවින් බුදුරජාණන් වහන්සේ ඉගැන්වීම පිළිබඳ කතා කරන සෑම අවස්ථාවකදීම සිත් තුළට නැගෙන්නේ යුද්ධය නොව සාමය යැයි පෝලන්ත සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එරට සිටින ඉන්දීය ප්‍රජාව අමතමින් ප්‍රකාශ කළේය.
බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසයක් ඇති අප කෙදිනකවත් යුද්ධය පිළිබඳව විශ්වාස නැහැ. එහෙයින් ඉන්දියාව කලාපයේ සාමය ඇති කිරීමට සැමවිටම උත්සාහ කරනවා.
එමනිසා ඉන්දියාවේ ස්ථාවරය සැමවිටම පැහැදිලියි. මේ එලැඹ තිබෙන්නේ යුද්ධයේ යුගය නොව සාමය යුගයයි.
වසර 40 කට පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු පෝලන්තයේ නිල සංචාරයක නිරත වූ ප්‍රථම අවස්ථාවද මෙය විය.
ඉන්දීය ආර්ථික වර්ධනයට සහ සංස්කෘතික උරුමයන් ව්‍යාප්ත කිරීමට දායක වන තානාපතිවරුන් ලෙස කටයුතු කරන ලෙස පෝලන්තයේ සිටින දෙමළ ඩයස් පොරාවගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක්ද කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය 21 සහ 22 වැනිදා පෝලන්තයේ නිල සංචාරයක නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ රටේ මිනිස්සු බුදුදහම සොයා යද්දී අපේ රටේ හරක් නිරාගමික ගංජා කාරයො, කුඩ්ඩො පස්සෙ යනවා. ඉන්දියානුවන් පිං කරල තියෙනව මේ වගේ නායකයො ලබන්න. තමන්ගේ ආගම හින්දු උනත් ඒ මනුස්සය බුදුදහමට ගරු කරන්නේ ඒකෙ වටිනාකම දන්න නිසා.
වැරැදියට තේරුම් ගන්න එපා. මේකෙ කියලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ගැන මිසක් බුද්ධාගම ගැන නෙවෙයි... බුද්ධ ධර්ශනයයි, ආගමයි පටලවාගන්න එපා.
හින්දු ආගමිකයෙක් වුණත්, එතුමා බුදු දහමේ හරයාත්මක වටිනාකම සහ සත්‍යය දකිනවා. ඒත් මේ රටේ අපේ බුදු දහමට වැඩිම හානිය කරන්නේ නමට පමණක් චීවරය දරාගත් වෘත්තීය සමිති, දේශපාලනය, ආගමේ නමින් ව්‍යාපාර කරන චීවරධාරීන් සහ ඒ දෙස බලාගෙන ඉන්නා මහා නායකවරු..
හක්කේ බුදුරැස්... බොක්කේ දඩමස් කියන්නේ මේකට... පාස්කු ප්‍රහාරය කළේ මෙයාලා..
බුදුදහම යනු ආගමක් නොවේ... මිනිසුන්ගේ යහපැවැත්මට ඇති දර්ශනයක්... මෙයා කිසිම ආගමකට නිගා නොකරන අති උතුම් දර්ශනයක්... ආගම් භේදයකින් තොරව ඕනෑම අයෙකුට පිළිපැදිය හැකි ප්‍රායෝගික දර්ශනයක්...
ජාතිවාදය විශ්වාස කරමු..
මොහු ඉන්දියාව තුළ උග්‍ර හින්දු භක්තිකයෙක්. පසුගිය මැතිවරණයට පෙර මුහුදු පතුලට පවා ගොස් දෙවියන් වැන්ඳ කෙනෙක්. පිට රටවල් වලදී පාට වෙනස් කරනවා වාසියට. ලංකාවේ සම්පත්වලට කෙළ හලනකොටත් බුද්ධාගම සිහිවෙනවා...
මේවාට ඩිස්ලයික් කරන්නේ ආගමක්, දහමක් නැති ජන්මයකුත් හරි හැටි නැති අයයි...
කාටවත් මතකද දන්නේ නෑ... අබ්දුල් කලාම් ඉන්න කාලේ ඉන්දියාවේ න්‍යෂ්ටික පිපිරවීම් වැඩි හරියක් කරලා තියෙන්නේ වෙසක් පොහෝදාට එළි වෙන්නයි. ඔවුන් අගමැතිට යවන රහස් පණිවිඩය වුනේ “ බුදුන්වහන්සේ සිනාසුන සේක“ කියලයි.
මෙතැන බොහෝ දෙනා වලිගේ පාගගෙන, බුද්ධාගම නම ඇහුණු ගමන් හිතන්නේ හන්දියක් ගානෙ පිළිම හදන, බෝගස් වලට ඔලුව ඔබාගෙන වඳින, චෛත්‍යය ලඟ පෙරැලි පෙරැලි වැඳ වැටෙන එකක් කියලා, මෝදි කිව්වේ බුදුන්ගේ අහිංසක දර්ශනය මිසක් ආගම වෙනුවෙන් මරාගන්න අනික් ආගම් වලට ඇනුම්පද කියන මානසික රෝගීන් අදහන ආගමක් ගැන නෙවෙයි.
මෙදාපාර ධර්මයෙන් දෙන්න යන්නේ අපේ පුෂ්ප කුමාර නම් අන්තිමට වාෂ්ප වෙලාම ගියා.
යුද්ධ නොකර රටවල් ආක්‍රමණය කරන විදිය ඉන්දියනුවෝ හොඳට දන්නවා මුස්ලිම් වරු වගේම. ඉන්දියාව කියන්නේ සතයකටවත් විශ්වාස නොකළ යුතු රටක්, ජාතියක්...
විශේෂයෙන්ම දකුණු ආසියාවේ ඉන්න දේශපාලන තක්කඩි අගම්වල ඉගැන්වීම් තමන්ගේ වාසියට යොදාගන්න කට්ටිය, දැක්කනේ මෝඩි ව විවේචනය කරපු මාලදිවයිනට කරපු දේ? ලංකාවේ දේශපාලනයේත් ඉන්නවා ඒ වගේ බුදු බණ හොඳට කටපාඩම්... හැබැයි ක්‍රියාවෙන් හාත්පසින්ම වෙනස් වයසට ගිය අය...
ඉන්දියාවට නායකත්වය දෙන මෝදි මැතිතුමාගේ ප්‍රකාශය සෑම රටකම නායකයෝ ආදර්ශයට ගත යුතුයි. සැඟවුන තේරුමක් නෑ. ඊශ්‍රායලය හා මුස්ලිමි රටවල යුද්ධය, රැසියාව හා යුක්‍රේන යුද්ධය මිනිසුන්ගේ දරුවන්ගේ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කරයි. සම්පත් විනාශ කරයි. සාමය බුදුන්ගේ මාර්ගයයි. යුද්ධ කරන රටවල නායකයෝ යෙහෙන් වැජඹෙති. ජීවිත විනාශ වී ලේ හලාගන්නා දිනුමක් නැත...
ලනු කන්න එපා. මෝඩි කියන්නේ උග්‍ර හින් දු අන්තවාදියෙක් හැටියට ඔහුගේ පක්‍ෂය මෙහෙයවලා දිනපු කෙනෙක්. අපේ උතුරේ සමහර අය වගේ..1992 අයෝධ්‍යාවේ ඇතිවුනු මුස්ලිම් සංහාරයට ඔහුගේ පක්‍ෂයත් මුල්වුණා. මෝදි ගැන තිබෙන ලිපිවල කියැවෙන්නේ ඔහු ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැති කාලයේ 2002 ඇතිවූ වාර්ගික ගැටුම් සිදුවුනේ ඔහුගේ ප්‍රකාශ නිසා කියලා. ඔහුගේ මූලික අරමුණ හින්දු ආගම වගේම ආර්ථික හේතු. අදානි යනු ඔහුගේ මිතුරෙක්. දැක්ක පලියට අහපු පලියට විශ්වාස කරන්න එපා...!
අනේ නිකන් යන්න මෝදී.. ලංකාවේ බයියන්ට හොඳයි මේවා...!
බුදුන් උපන්නේ සහ ජීවත් වුනේ ලන්කාවේ බව ඔප්පු වෙලා නිසා දැන් මේ කට්ටිය බයයි ඔවුන්ගේ ආදායම් මාර්ග නැතිව යන නිසා. මෝදි මහතා මොනවා කිව්වත් සත්‍ය ඉතිහාසය දැන් මතුව ඇත. බුදුන් වහන්සේ වැඩ නොසිටිය බව පැහැදිලි ලෙස ප්‍රකාශ කළේ මොහුමයි.
මෝදි කියන්නේ අපි හිතන විදියේ සුද්දවන්තයෙක් නෙවෙයි. මහා ජාතිවාදියෙක්.
බුදුන්ගේ මග යන කෙනෙක් නම් මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ෂා කියන ගුණාංග වලින් එකක්වත් තියෙන්න එපැයි...!
ඉන්දියාව, ලංකාව යා කරලා පාලම් හදන්න යන්නේ භික්ෂූන් වහන්සේලා වඩම්මවන්නද?
මෝදි අගමැතිතුමා බුදුන් ගැන පළමුවෙන්ම මතක්කළේ ඔස්ට්‍රියාවේදී.. ඒ තමයි (ග්‍රීසියේ අඳුරු යුගය කියන): ඉන්දියාවේ බුද්ධකාලයේ තාවතිංස අධිරාජ්‍යයේ සක්විති අධිරාජයාගේ පාලන සීට් එක. එහි වැසි ත්‍රවස්තිංතවරු තාවතිංස වැසියෝ කියා ධම්මචක්ක සූත්‍රයේ සඳහන්වන බව මට දැනෙන්නේ මනස අවුල් නිසායි..