
(බී.ජී. චතුරංග)
නීති විරෝධී ලෙස පවත්වා ගෙන ගිය බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක් පරීක්ෂාවකට ලක් කර එම වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන රෝගී ජනතාවට බටහිර වෛද්‍ය විද්‍යාවට අයත් ඖෂධ ලබා දෙමින් ප්‍රතිකාර කරමින් සිටි ආයුර්වේද වෛද්‍යවරයකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය හා ඔයාමඩුව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අනුරාධපුර රඹෑව ප්‍රදේශයේ සේවයේ නියුතු ආයුර්වේද වෛද්‍යවරයෙකි.
මෙම ආයුර්වේද වෛද්‍යවරයා මහවිලච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයට අයත් මානින්ගමුව ප්‍රදේශයේ බටහිර වෛද්‍ය මධ්‍යස්ථානයක් නීති විරෝධී ලෙස පවත්වා ගෙන යන බවට ප්‍රදේශ වාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව එම ආයුර්වේද වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන එම නීති විරෝධී වෛද්‍ය මධ්‍යස්ථානය මුද්‍රා තැබීමට කටයුතු කළ බව අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය පවසයි.
මහවිලච්චිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලැබුණු පැමිණිල්ලකට අනුව උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයා ද දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවට දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් දේශීය වෛද්‍යවරුන් පුහුණු කරද්දී බටහිර වෙදවෙදකමත් පුහුණු කලා. මේ වෛද්‍යවරයාත් එහෙම පුහුණුව ලැබූ අයෙක් නම් වෙදකමේ යෙදීමේ තියෙන වරද මොකක්ද .එහෙම නම් ඖෂධවෙදී පුහුණුවක් නොලැබූ විශාල පිරිසක් අනුන්ගේ සහතික ප්‍රදර්ශනය කර ඖෂධ වෙළදාම කිරීම හරිද .සොයන්නාට ඒවා සොයාගන්න පුළුවන්
රටපුරාම හැම තැනම ආයුර්වේද වෛද්‍යවරු බොහොමයක් ඇලොපති ක්රමයේ බෙහෙත් දෙනවා. එක්කෙනෙක් අල්ලල රටට පොරවල් වෙලා වැඩක් නෑ.