
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන්ගෙන් වැඩිම මාසික අදායමක් ලබන අපේක්ෂකයා දිලිත් ජයවීර බවත් අඩුම මාසික අදායමක් ලබන අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවත් ශ්‍රී ලංකා අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවිය පසුගියදා ප්‍රසිද්ධියට පත්කළ අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශනයෙන් අනාවරණය විය.
මෙවර ජනාධිපතිවරණයට මව්බිම ජනතා පක්ෂයෙන් ඉදිරිපත් වන ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාගේ මාසික ආදායම රුපියල් 16,500,000 ක් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවිය ප්‍රසිද්ධියට පත්කළ තොරතුරුවලින් හෙළිවිය. දිලිත් ජයවීර මහතා මෙරට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වන අතර ඔහුට අයත් ව්‍යාපාර අතර මෙරට ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක්ද වේ.
දෙවැනි ස්ථානයට වැඩිම මාසික ආදායමක් ලබන්නේ ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා බවත් ඔහු මාසික ආදායම රුපියල් 1,345,000 බවද එහි සඳහන් විය. විජේදාස රාජපක්ෂ මහතා පූර්ණකාලීන දේශපාලනඥයකු වන අතර ඔහු ව්‍යාපාර ක්‍රියාකාරකම්වලද නිරත වේ.
එසේම මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් ප්‍රධාන අපේක්ෂකයන් ලෙස සැලකෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ මාසික ආදායම 454,285 ක් ලෙසද, සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මාසික ආදායම රුපියල් 285,681 ලෙසද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභා වෙබ් අඩවිය සඳහන් වූවේය.
එසේම ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මාසික ආදායම 256,802 ක් ලෙසද, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ මාසික ආදායම රුපියල් 317,786 ක් ලෙසද, ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ නුවන් බෝපගේ මහතාගේ මාසික ආදායම රුපියල් ලක්ෂ 3 ක් ලෙසද, එම වෙබ් අඩවියේ දැක්විණ.
නාම යෝජනා බාර දෙන අවස්ථාවේ වත්කම් බැරකම් ප්‍රකාශනයක්ද ජනාධිපතිවරණ අපේක්ෂකයන් මැතිවරණ කොමිසමට ඉදිරිපත් කිරීමට සිදුවූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාමල් පව් ඉතින්
මෙතැන වැඩිම ආදායමක් සහ වත්කමක් හිමි නාමල් රාජපක්ෂ... ඒ ඔක්කොම හොරකම් කළ මහජන මුදල්...
හංගා මැරූ ගෙරි කුණ කර පිටින් ගෙන.. කම්බා හොරුන් හනිකට “වෙද ගෙදර”යන.. කව්දෝ ඇසූ විට එල්ලෙන නගුට ගැන.. "වල්ගේ නොවැ ලෙඩේ මිනිහෝ" කියපි පැන ..... ලිහිණියාගේ- ගිජුලිහිණි සංදේශය
තේ අක්කර හත අටක් තියෙන කෙනෙකුට වුණත් මාසෙකට ලක්ෂ තුනක් පමණ ශුද්ධ ලාභයක් ගන්න පුළුවන් කියලා හිතෙනවා..!
මේක දිහා බලලා, කාට ඡන්දේ දෙන්නද කියලා හිතාගන්න බැරිවයි ඉන්නේ...!
මේ දිහා දැක්කාම දිලිත්, විජේදාස, නාමල් බබා හැර අනිත් අය ගැන දුකේ බැරුවා. මට හිතෙනවා කීයක් හරි මාසයක් ගානේ එතුමන්ලාට දුන්නා නම් හොඳයි කියලා අප්පා...
රනිල්ගේ ජනාධිපතිගේ වැටුප අනිවාර්‍යයෙන් මීට වඩා වැඩියි. සජිත්ට නාමල්ට එයාලගෙ ව්‍යාපාර වලින් ආදායම් ලැබෙනවා. අනුර කුමාර දිසානායක විතරයි නිවැරදි තොරතුරු සපයා තිබෙන්නේ. වැරදි තොරතුරු සැපයීම තනතුර අහිමි වීමට හේතුවක් වේවි.
දිලිත්ල හම්බකරේ රාජපක්ෂලාගේ කාලේ කූට ජාවාරම් වලින්... කොවිඩ් කාලේ හොඳට හම්බකලා ... කොටස් වෙළඳපොල කෘත්‍රිම ව කලුසල්ලි තියෙන අයගේ කළු සල්ලි සුදු කරලා දිලිත්ල අශෝක් පතිරගේලා ඉහලට ආවේ ...රාජපක්ෂලාට පින්සිද්ධ වෙන්න ... විජේදාස රාජපක්ෂ, නිස්සංක සේනාධිපති ලා එක්ක ජාවාරම් කළා රටේ බලය තියෙන කාලේ මේ හැම අයියලගේම කිල්ලෝට වල හුණු...
ස්තිරවම අනුර කුමාරගේ ආදායම මීට වඩා වැඩියි. බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්නේ. වාහනේ ලෙක්සස්. මෑත ඉතිහාසයේ වැඩිම වාර ගණනක් විදෙස්ගත විපක්ෂයේ කෙනාත් අනුර. ඒ නිසා නාමල්ටත් වඩා මාසික ආදායම අනුරගේ වැඩි ඇති..
හරි.. කට්ටියගේම වත්කම මේ කියන ඒවා තමා කියා අපි පිළිගත්තා.
රනිල් පාර්ලිමේන්තු හිටපු කාලෙටත්, දැනුත් එයාගේ පඩිය ගන්නේ නැහැ කියලා දන්නේ නැද්ද ‘‘කුමාර..‘‘?
මේවා බොරු කියලා ඕනෑම කෙනෙක් දන්නවා... එත් මැතිවරණ කොමිසම මේවා පිළිගන්නවා...!
මෙතැනින් හරිම ආදායම පෙන්වලා තියෙන්නේ රනිල් විතරයි. අනිත් ඔක්කෝම හොරු...!
ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වීමට ඔන්න මෙන්න සිට අතහැරදැමූ, ගජමිතුරු ඉහළම ආදායම් ලබන්නෙකුගේ සමාගමක් සෞඛ්‍ය සේවාවට රු. 20,000 සිට 28,000 මිලකට අවුරුදු හතරක් තිස්සේ ලබාදෙන බෙහෙත් පෙත්තක් වෙනත් සමාගම් ලබාදෙන්නේ රු. 19ත් 48ත් අතර මිලකට...! ඉතිං මේ ගොල්ලෝ පොහොසත් නොවී තියේවියැ..!
ඔය ගණන්හිලව් නිවැරැදි නම්, ජනපති තනතුරේ රු.180,000ක ආදායමකට මොකට මේ ගොල්ලෝ මෙච්චර නහිනවද මන්දා...?
විජේදාසට ආයෙත් නුගේගොඩ, නුවර කුලී ආදායම මාසෙට මිලියන 10ක් නේද? නාවල ගොඩනැගිල්ලේ කුලී ආදායම කෝ? මේවා දිව්රලා කියන බොරු නේද?
මාසික ආදායම විතරයි ද වත්කම් ලෙස සලකන්නේ...?
අපි දන්නා විදියට හොර පෙරකදෝරුවාට සහ ඩීල්දාසට සැහෙන්න වත්කමක් තියෙනවා. දූෂිත පවුල් පාලන ආණ්ඩුව කාලේ මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ කරලා පරම්පරා ගාණකට ඇතිවෙන්න යහමින් හරිහම්බ කරගත්තු අය තමා රාජපක්ෂලා කියන්නේ...
දුප්පත් නම් ඡන්දෙ දෙන්න එපා ... රනිල් අපි සේරම දුප්පත් කෙරුවා... නමුත් කියන්නේ රට සාමාන්‍ය තත්වයකට ගෙනාවා කියලා.
රනිල්ගෙ පඩිය අනුරට වඩා අඩුයිලු.. මහ බැංකුව කඩලා කෝටි ගණන් හොරකම් කරලා කොහේ හරි බැංකුවක තැන්පත් කරලා ඒකෙන් එන පොලියම සමහර විට දිලිත්ටත් වැඩි ඇති...!
මම නම් විශ්වාස කරන්නේ නෑ. මොකද ඉස්සර අපේ සීයා රනිල් ගේ ලේකම් විදියට වැඩ කරා, රනිල්ට සමාගම් වල කොටස් පවා තියෙනවා. අවුරුද්දකට ඩොලර් මිලියන ගාණක අදායමක්. මාසෙකට ලක්ෂ ගාණක අදායමකින් ඔය මනුස්සයා ජීවත් වෙන්නේ නෑ. ගෙදර වැඩ කාරයෝ කියක් හිටියාද? ඔය ඔක්කෝම වියදම් රජයට දාලා, වත්කම් ඔක්කෝම නෝනාට ලියලා ඇති...!
Dasu ගේ කතාව හරි විජේදාසගේ නුගේගොඩ Kandy සාප්පුවේ මාසික කුලියම අඩුම ලක්ෂ 20ක් ඇති, ඒවා කෝ? අනිත් එක රනිල් මාසික අදායම ඔච්චර නම් කොහෙද ප්‍රචාරක කටයුතුවලට කෝටි ගාණක්? කොළඹ 7 තියෙන ගෙවල් වලට යන වියදම? ලයිට් බිලටම ලක්ෂ 7ක් නම් කව්ද ගෙවන්නේ?
දන්නෝ දනිති. හරිනම් අන්තිමයා උඩිනුත් උඩටම යන්න ඕනෑ.
අනේ පව් නේද නාමල් සහ රනිල්?