වෙල් යායක මළ සිරුරක් මුලතිව් පුඩුකුඩීරිප්පු දේවිපුරම් මල්ලිකාඩු වෙල්යායේ තිබී මළ සිරුරක් හමු වු බව පුඩුකුඩීරිප්පු පොලිසිය සදහන් කරයි. 17 January 2024
උසස් පෙළ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙකම නැවත 1 වැනිදා මෙවර අපොස උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍ර දෙක ලබන පෙබරවාරි මස 1 වැනිදා නැවත පවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. 17 January 2024
පෝලන්ත ජාතික යුවළට පහරදීලා මහනුවර රජ පිහිල්ල මාවතේ සංචාරක හෝටලයක ලැඟුම් ගැනීමට පැමිණි පෝලන්ත ජාතික සංචාරක යුවළකට එම හෝටලයේ හිමිකරු පහරදුන් බව එම යුවළ පොලිසියට පැමිණිල්ලක් කර ඇත. 17 January 2024
පළාත් තුනකට පුංචි වැස්සක් නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 January 2024
හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහට ඇප 2015 ජනාධිපතිවරණයේ ප්රචාරක රැලියක සැරසිලි කරමින් සිටියදි එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධ පරික්ෂණවලදි කහවත්ත පොලිසියට බලපෑම් කිරිමේ චෝදනාවට වරදකරු වී පස් අවුරුදු සිර දඩුවමක් නියව සිට සබරගමුව පළාත භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ රුපියල් තිස්දාහක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැඟන්වන ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. 16 January 2024
‘‘ජනපතිවරණයට හොඳම සුදුස්සා මම‘‘ ජනාධිපති වරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා මම. ඒ නිසා ජනතාව රැස්වීම් තියෙනවා නම් වියදම් දරනවා නම් මටත් ජනාධිපතිවරණයට එන්න පුළුවන්. මම තවම කේන්දරය බැලුවේ නැහැ. නමුත් තාරකාවක් තියෙනවා. 16 January 2024
ජල මණ්ඩලයෙ අත යට සීතල ගේමක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය වැඩභාර නිලධාරීන්ගේ ඇතැම් කාර්යාලවලට සේවකයන් සපයන පෞද්ගලික සමාගම්වලින් සේවකයන් ගන්නා බව පවසමින් මුදල් වංචාවක් වන බව එම මණ්ඩලයේ සේවකයෝ පවසති. 16 January 2024
විදේශ රැකියා වංචාකරුවන්ට දැඩි දඬුවම් විදේශ රැකියා වංචාකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැඩිව නීතිය ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට තරාතිරම නොබලා දඩුවම් කරන්නැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කාර්යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත. 16 January 2024
පක්ෂ 75ක් ඇති එකම රට ලංකාව රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බැවින් සියලු පක්ෂ බේද පසෙකලා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දායක විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය. 16 January 2024
කැලණි ගඟෙ කිඹුලෙක් දරුවකු ඇදගෙන ගිහින් කැලණි ගගේ කඩුවෙල වැලිවිට සාන්ත අන්තෝනි මාවත තොටුපළ දී කිඹුලෙක් දිය නාමින් සිටි නව හැවිරිදි පිරිමි දරුවකු ඇදගෙන ගොස් ඇතැයි කඩුවෙල පොලිසිය පවසයි. 16 January 2024
ඉන්ධනහලේ ගින්න තත්පර 25කින් නිවයි කැස්බෑව නගරයේ ඉන්ධන පිරවුම් හලේ වළට (ටඩාන්ගයට) බවුසරයකින් දහවල් ඉන්ධන ගොඩගාමින් සිටියදී හදිසියේ හදිසියේ හට ගත් ගින්නක් තත්පර 25 ක් වැනි සුළු කාලයකදී මැඩ පැවැත්වීම නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් වළකී ගියේය. 16 January 2024
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට දෝස් මුරයක් කොළඹ කුරුඳුවත්ත සංගීත ගුරුවරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන භාර කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ කාර්යාංශයේ කටයුතු පිළිබඳව විමතිය පළ කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා එය පොලිසියක්දැයි අධිකරණය ඉදිරියේ කරුණු දැක්වූ උප පොලිස් පරීක්ෂකවරයාගෙන් ප්‍රශ්න කරමින් විමසීය. 16 January 2024
13 වසරක් ඉල්ලන් කෑ හිඟන්න කෑම පරක්කු වුණැයි ඔළුවට කොටලා වසර දහතුනක් තිස්සේ දිවා ආහාරය ලබා දුන් හෝටල් හිමියාගේ බිරිඳට කෑම වෙල ලබාදීමට පරක්කු වූයේ යැයි පවසමින් මන්නා පහරක් ඔලුවට දී බරපතල තුවාල සිදුකළ යාචකයකු ලබන 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය. 16 January 2024
ජනපති- ඇල් ගෝර් හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති සහ දේශගුණ යථාර්ථය ව්‍යාපෘතියේ (The Climate Reality Project) නිර්මාර්තෘ සහ සභාපති ඇල් ගෝර් ( Al Gore) මහතා අතර හමුවක් ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හිදී පැවැත්විණි. 16 January 2024
මුදල් ඇමති - සෞඛ්‍ය සාකච්ඡාව අසාර්ථකයි මුදල් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (16) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවත් සෞඛ්‍ය වෘත්තීය සමිතිවල යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණෙන තුරු කල් ඉල්ලා සිටි බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ මහතා පැවසීය. 16 January 2024
ඩෙංගු මදුරුවාට බිලි වූ සරසවි දියණිය ඩෙංගු රෝගීය උත්සන්න වී හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද මියගිය බව රෝහල් අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අයන්ති ජයවර්ධන මහත්මිය පැවසුවාය. 16 January 2024
VAT ගැසූ සරුංගල් යාපනය අහසේ තෛපොන්ගල් උදාවෙන් පසුව යාපනය වැලවැටිතුරෙයි සරුංගල් සැණකෙළිය විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් අද දහවල් පැවැත්විණි. 16 January 2024
ජනතාව ණයකාරයින් වෙද්දී ජනපතිගේ කටයුතුවලට ලක්ෂ 2000ක් රටේ ජනතාව ලක්ෂ 12ක ණය කාරයන් වෙද්දි ජනපතිවරයාගේ විදේශ ගමන් ඇතුළු සෙසු කටයුතු සදහා ලක්ෂ 2000ක් වෙන් කර ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 16 January 2024
සිවුරක් ඇඳගෙන කොටුව දුම්රියපොළේ යකා නටලා කොටුව දුම්රියපොළෙහි භික්ෂු විවේකාගාරය තුළ බීමතින් අශෝබන ලෙස චීවරයක් දරාගත් තැනැත්තු හැසෙරන බවට ලද තොරතුරක් අනුව ඒ පිළිබදව විමසීමට ගිය දුම්රිය පොළ පොලිස් මුරපොළෙහි නිලධාරීන් දෙදනකුට පහරදී සපා කා පොලිස් නිලධාරියකුගේ අත තිබූ වෝකිටෝකි යන්ත්‍රය පොළොවේ ගැසූ බව කියන චීවරයක් දරාගත් තැනැත්තකු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය පවසයි. 16 January 2024
කන්දකාඩු සිද්ධිය හොයන්න පරීක්ෂණ මණ්ඩලයක් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් පිරිසක් පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කරනු ලැබ ඇත. 16 January 2024
පලා ආ සෙබලා යුක්තියේ දැලට පැටලෙයි හොරයින් මත්කුඩු පානය කරන්නන්ට නිවස තුළ පහසුකම් සැලසූ මෙන්ම ඊට ආදේශකයක් ලෙස භාවිතා කරන මත් කරල් සැපයු යුද හමුදාවෙන් පලා ආ සෙබලා සමග මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පැමිණ සිටි පුද්ගලයෙකු කළුතර ඈතගම නිවසක දි අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය කියයි 16 January 2024
කොළ කැඳ දී ලක්ෂ 7ක් සොරාගෙන මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට රැඳී සිටි කාන්තාවකට මත් ද්‍රව්‍යයක් කලවම් කළ කොළකැඳ පානය කිරීමට දී සිහි නැති වූ පසු ඇයගේ රන් ආභරණ ගලවාගෙන නාඳුනන කාන්තාවක පලාගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය කියයි. 16 January 2024
ජල මණ්ඩලයේ මරු ගෙවිල්ලක් ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය 2022 වර්ෂයේදී රුපියල් කෝටි 320ක පාඩුවක් ලබා තිබියදී එහි සේවකයන්ට ඵලදායිතා දිරි දීමනාව ලෙස රුපියල් කෝටි 27ක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 16 January 2024
තේ පොහොර වර්ග තුනක මිල 2000කින් අඩු කරයි තේ වගාව සඳහා යොදන ටී -750, ටී- 709 සහ ටී- 200 යන පොහොර වර්ග තුනක මිල රුපියල් 2000 කින් අඩු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කළේය. 16 January 2024
මිලියන 13 ක කේරළ ගංජා යාපනයේ වෙරළක යාපනය, පුන්ගුඩුතිව් දූපතේ ඉරුප්පිඩ්ඩි වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී ළදු කැළැවක සඟවා තිබූ මිලියන 13 ක් වටිනා කේරළ ගංජා කිලෝ 34 ක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 16 January 2024
ඇඳුම් සොරකම් කළ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වීමට තීරණය කළාය. 16 January 2024
සිවිල් සංවිධාන සාමාජිකයන්ගෙන් මන්ත්‍රී කාවිංගට විරෝධය සෞඛ්‍ය සේවකයන්ගේ ගැටලුවකට සහයෝගය දැක්වීමට කුරුඳුවත්ත පොලිසියට පැමිණි ජාතික සමඟි බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතා විරෝධතාවයේ යෙදී සිටි පිරිසක් අද (16) දහවල් විරෝධය දැක්වූහ. 16 January 2024
කළු සොල්දාදුවා ජාතියට ප්‍රෝටීන් දෙන්න පෙරමුණට එයි හරක් මස්,කිරි, කුකුළු මස් ආදී සත්ත්ව ආහාර වල ප්‍රෝටීන් ප්‍රතිශතය ඉහළ දැමීම සඳහා කසල මැස්සකුගේ කීටයකු යොදාගෙන පෝෂණ අතිරේකයක් නිෂ්පාදනය කර තිබේ. 16 January 2024
ලක්ෂ 17ක හෙරොයින් සමඟ හිටපු කාලතුවක්කු සෙබළා අල්ලයි කරන්දෙණිය ප්‍රදේශයේ විසූ ’’හිත හොඳ දොස්තර’’ ඝාතනය කර, දැනට ඩුබායි රටේ සැඟව සිටින ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ හෙරොයින් මත්කුඩු ’’ඊසි කෑෂ්’’ ක්‍රමයට අනුරාධපුරයේ බෙදා හැරි ඔහුගේ ප්‍රධාන ගෝලයෙකු වන හිටපු කාලතුවක්කු රෙජිමේන්තු සෙබළෙකු සහ 16 January 2024
අවලෝකේතීශ්වර රිමාන්ඩ් අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි කියන සැකකරු ලබන ජනවාරි 24 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 16 January 2024
මාස 11ට කෝටි 3ට වඩා වටිනා සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වලා වාහන ආනයනය සඳහා පනවා තිබූ සීමා වසර පහකට පසුව ඉවත් කිරීමත් සමග පසුගිය වසරේ පළමු මාස 11දී මෙරටට පාවිච්චි කළ සහ නොකළ සුඛෝපභෝගී වාහන 1737 ක් ගෙන්වා ඇති බවත් ඉන් බොහෝ වාහන රුපියල් මිලියන 30 ට වඩා වැඩි ඒ.. 02 January 2026