
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් ආරක්ෂකයන් අවශ්‍ය නැතැයි දැනුම්දී ඇති බව පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෝ වැඩි පිරිසක් කුඩා පක්ෂවලට අයත් වූවෝ වෙති.
ආරක්ෂාව ඉල්ලා ඇති සෙසු අපේක්ෂකයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරීයෙක් ලංකාදීපයට පැවසීය.
ජනාධිපති අපේක්ෂකයන් වෙනුවෙන් මෙවර ක්‍රියාත්මක කෙරෙන්නේ විශේෂම ආරක්ෂක වැඩපිළිවෙලක් බවද ඔහු සඳහන් කළේය.
ජනාධිපති අපේක්ෂකයන්ට ඉල්ලවී ඇති ජීවිත තර්ජන සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පසුගියදා කළේය.
එම විමර්ශනයේදී හෙළිදරව්වූ තොරතුරු පදනම් කරගෙන මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතාගේ උපදෙස් මත ජනපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු කිරීමට විශේෂ කමිටුවක්ද පසුගියදා පත් කෙරිණ. එම කමිටුවේ ප්‍රධානත්වය දරන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතාය.
ජනාධිපති අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ජනාධිපති අපේක්ෂකයන් සහභාගිවන රැස්වීම්වල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම පැරදෙන බව දන්නවා... ඒ නිසා මොන ආරක්ෂකයෝද.?
මේක හරි හේතුව මේ කට්ටියගෙන් 35ක් හෝ 36 දෙනෙක්ගේම ඇප කැන්සල් වේවි. ඒත් ඉල්ලන්නේ පුද්ගලික ලාබ ප්‍රයෝජන සහ අනුන්ගේ කින්ත්‍රාත් වෙනුවෙන්. එයාලාට කොහේද තර්ජන?
නිකන් බොරුවට ඡන්දෙ ඉල්ලන අයට ආරක්ෂාවක් මොකටද? ඔවුන් වෙන වෙන පුද්ගලික වාසි තකානේ ඡන්දෙ ඉල්ලන්නේ. මින්පස්සේ ඇප මුදල් මිලියන 50ක් කළා නම් ඔය තමන්ගේ ගෑණිවත් ඡන්දෙ දෙන්නේ නැති අයට ඡන්දෙ ඉල්ලන්න බැරිවෙනවා. රටයි, ජනතාවගෙයි, ආරක්ෂක හමුදාවලයි... මුදල්, කාලය නාස්ති කරන නිකමුන්...
ආරක්ෂාවෙන් වැඩක් නැතුව ඇති කොහොමටත් පැරදෙන බව දන්නවා...
අනුරගේ ආරක්ෂාවට නම් සුදු ඇඳගත්තු 500ක් විතර ඉන්න බව පේනවා...!
නායක හිමිනමක් දවසක් වදාලේ රටේ ජනතාව නොදන්නා මිනිස්සු පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්නවා කියලා... ඉතින් එහෙම මිනිස්සුන්ට ආරක්ෂාව මොකටද?