
(විමුක්ති එස් රුද්‍රිගු)
කාර්යාල වේලාවෙන් පසුව සිය සේවා ස්ථානයේ ප්‍රධානීන් සහ සේවාදායකයන් ලබා දෙන දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ සහ විද්‍යුත් ලිපි නොසළකා හැරීමට සේවකයන්ට අයිතිය ලබා දෙන නව නීති සංශෝධනයක් ඕස්ට්‍රේලියාව සම්මත කර ඇත.
රැකියාව හේතුවෙන් ඇතිවන මානසික ගැටලු අවම කිරීමේ අරමුණින් සිදුකර ඇති මෙම නීති සංශෝධනය එලැඹෙන 26 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. එරට 2009 සාධාරණ රැකියා පනතට ගෙන ආ සංශෝධනයක් ලෙස මෙම නීතිය සම්මත කරගෙන ඇත. මෙම නීතිය මගින් අසාධාරණ නොවන අවස්ථාවලදී හැර අනෙකුත් සෑම අවස්ථාවකදීම සිය සේවා ස්ථානයේ ප්‍රධානීන් සහ සේවාදායකයන් ලබා දෙන දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ සහ විද්‍යුත් ලිපි නොසළකා හැරීමට සේවකයන්ට අවස්ථාව ලබාදී තිබේ.
කෙසේ නමුත් සේවා ස්ථානවල ප්‍රධානීන්ට සිය සේවකයන් සමඟ කාර්යාල වේලාවෙන් පසුව සම්බන්ධව වීමට මෙම නීතිය බාධාවක් නොවන බවත් සේවකයාගේ වැටුප්තලය සහ තනතුරේ වගකීම් සේවකයන් මෙම අයිතිය භුක්ති විඳීමේදී සළකා බලනු ඇති බවත් නව නීතිය පිළිබඳ අදහස් දක්වමින් නීති විශාරදයෝ ප්‍රකාශ කළහ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ලංකාවේ සේවා කාලයේදීත් පාරිභෝගිකයින්ගේ කෝල්, ඊ මේල් සහ වෙනත් ඉල්ලීම් නොසලකා හරින දියුණු ජාතියක් ඉන්නවා. රජයේ සේවයේ විශේෂයෙන්...!
අපේ රටේ සැබෑ තත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. කාර්යාල වෙලාව නිමවූ සැනින් සේවා ස්ථානයෙන් පිට නොවීමේ දීන මානසිකත්වයක් සහ පරිසරයක් පෞද්ගලික අංශයේ දකින්න ලැබෙනවා. මේ හේතුවෙන් පැය භාගයක්වත් වැඩිපුර රැඳී සිටීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. එලෙස නොරැඳෙන අය පරිපාලනයට අවනත නොවන කොටසක් ලෙස හුවා දැක්වෙනවා. දියුණු රටවල විනාඩියක්වත් වැඩිපුර රැඳී නොසිටී...
බදුල්ල සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ඉන්නවා උසස් නිලධාරියෙක් රාත්‍රියට පහළ ශ්‍රේණියේ නිලධාරීන්ට ඇමතුම් ලබාගෙන කරදර කරන..., ලංකාවටත් ගැලපෙනවා මේ නීතිය...
පියානෝ ජනපති වුනොත් මේ නීති ඉල්ලේ! මෙයා කියනවා පාන්දර 5ට පත්තරේ බලනවා ඒ වෙලාවේම නිලධාරියාට කෝල් කරනවා...