IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් ගන්න එපා: නව නීති එයි

(විමුක්ති එස් රුද්‍රිගු)

කාර්යාල වේලාවෙන් පසුව සිය සේවා ස්ථානයේ ප්‍රධානීන් සහ සේවාදායකයන් ලබා දෙන දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ සහ විද්‍යුත් ලිපි නොසළකා හැරීමට සේවකයන්ට අයිතිය ලබා දෙන නව නීති සංශෝධනයක් ඕස්ට්‍රේලියාව සම්මත කර ඇත.

රැකියාව හේතුවෙන් ඇතිවන මානසික ගැටලු අවම කිරීමේ අරමුණින් සිදුකර ඇති මෙම නීති සංශෝධනය එලැඹෙන 26 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය. එරට 2009 සාධාරණ රැකියා පනතට ගෙන ආ සංශෝධනයක් ලෙස මෙම නීතිය සම්මත කරගෙන ඇත. මෙම නීතිය මගින් අසාධාරණ නොවන අවස්ථාවලදී හැර අනෙකුත් සෑම අවස්ථාවකදීම  සිය සේවා ස්ථානයේ ප්‍රධානීන් සහ සේවාදායකයන් ලබා දෙන දුරකතන ඇමතුම්, කෙටි පණිවුඩ සහ විද්‍යුත් ලිපි නොසළකා හැරීමට සේවකයන්ට අවස්ථාව ලබාදී තිබේ.

කෙසේ නමුත් සේවා ස්ථානවල ප්‍රධානීන්ට සිය සේවකයන් සමඟ කාර්යාල වේලාවෙන් පසුව සම්බන්ධව වීමට මෙම නීතිය බාධාවක් නොවන බවත් සේවකයාගේ වැටුප්තලය සහ තනතුරේ වගකීම් සේවකයන් මෙම අයිතිය භුක්ති විඳීමේදී සළකා බලනු ඇති බවත් නව නීතිය පිළිබඳ අදහස් දක්වමින් නීති විශාරදයෝ ප්‍රකාශ කළහ .



අදහස් (5)

රැකියා වෙලාවෙන් පසු බොස්ව ගණන් ගන්න එපා: නව නීති එයි

jayantha Friday, 23 August 2024 02:30 PM

අපේ ලංකාවේ සේවා කාලයේදීත් පාරිභෝගිකයින්ගේ කෝල්, ඊ මේල් සහ වෙනත් ඉල්ලීම් නොසලකා හරින දියුණු ජාතියක් ඉන්නවා. රජයේ සේවයේ විශේෂයෙන්...!

:       8       108

sukitha Friday, 23 August 2024 02:49 PM

අපේ රටේ සැබෑ තත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. කාර්යාල වෙලාව නිමවූ සැනින් සේවා ස්ථානයෙන් පිට නොවීමේ දීන මානසිකත්වයක් සහ පරිසරයක් පෞද්ගලික අංශයේ දකින්න ලැබෙනවා. මේ හේතුවෙන් පැය භාගයක්වත් වැඩිපුර රැඳී සිටීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. එලෙස නොරැඳෙන අය පරිපාලනයට අවනත නොවන කොටසක් ලෙස හුවා දැක්වෙනවා. දියුණු රටවල විනාඩියක්වත් වැඩිපුර රැඳී නොසිටී...

:       8       82

sugathFriday, 23 August 2024 06:02 PM

ඒ පැය භාගයට අතිකාල ගෙවිය යුතුයි කියා නීතියක් පැනවූවොත්, ඕක නිකම්ම නවතිනවා.

:       0       20

primeshika Friday, 23 August 2024 05:08 PM

බදුල්ල සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේත් ඉන්නවා උසස් නිලධාරියෙක් රාත්‍රියට පහළ ශ්‍රේණියේ නිලධාරීන්ට ඇමතුම් ලබාගෙන කරදර කරන..., ලංකාවටත් ගැලපෙනවා මේ නීතිය...

:       2       29

Saman Saturday, 24 August 2024 03:16 AM

පියානෝ ජනපති වුනොත් මේ නීති ඉල්ලේ! මෙයා කියනවා පාන්දර 5ට පත්තරේ බලනවා ඒ වෙලාවේම නිලධාරියාට කෝල් කරනවා...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 625 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site