
(දයාරත්න ඇඹෝගම)
මරණාධාර සමිතියක හරි පාසලක ආදි ශිෂ්‍ය සංගමයක හරි නැත්නම් වෘත්තිය සමිතියක මොන තත්වයක් යටතේ හරි නිලවරණය, ජන්ද විමසිම කල් දැමීම සාමාජිකයන්ගේ අයිතීන් යටපත් කිරිමක් ඒවා සිදු කරන්න හොද නැහැ.ඒ ආකාරයටම රටේ මැතිවරණ පැවැත්වීමත් නිසි වේලාවට සිදුවිය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්ප්‍රිය මහතා පවසයි.
අනුරාධපුර නගරයේදි අද (23)දින පැවති මාධ්‍ය හමුවකදී හිටපු මැතිවරණ කොමසාරිස් වරයා මේ බව පැවසිය.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්ප්‍රිය මහතා මෙසේද පැවසිය.
“ දැනට ලංකාවේ තියෙන නිශ්චිතවම තියෙන එකම මැතිවරණය ජනාධිපතිවරණය පමණයි.ඒකට දින නියම කරලා තියෙනවා.ඒකට තව මාසයක්වත් නැහැ.මැතිවරණ කොමිෂන් සභාව රැස්වේලා ලබන සුමානේ පළාත් පාලන මැතිවරණය පවත්වන්න දිනයක් නියම කළොත් මැතිවරණ කොමිෂන් සභාවට පුළුවන් සති හතක් ඇතුලත වගේ දිනයක් නියම කරන්න.මම හිතනවා කොමිෂන් සභාව සැප්තැම්බර් මාසයේ දෙවැනි සතිය ඉවර වේලා වගේ දිනයක් නිකුත් කරයි කියලා.මැතිවරණ කොමිෂන් සභාව බැදිලා ඉන්නවා මෙම ජන්ද විමසිමට දින නියම කරන්න.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් කියන කෙනා මැතිවරණත් හොරකම් කරලා තියෙන්නේ...
මැතිවරණ කොමිසමට සභාපතිවරයෙක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් සිටියි. ඔවුන්ගේ පැහැදිලි කිරීම් රටේ පුරවැසියනට ප්‍රමාණවත් වේ...
ඔව්, මැතිවරණ කොමිසමට පුළුවන් ලබන සතියෙත් ඡන්දෙ තියන්න. කව්ද නෑ කිව්වේ? ඒත් ඒකට සල්ලි හොයලා දෙන්නේ ජ.වි.පෙ.ට කඩේ යන ඔහේගේ මල්ලිද? එහෙම නැත්නම් අම්මා අප්පා ගේ බූදලෙන්ද? කඩේ යනවා කියලා මෙහෙමත් යෑමක්. අපිට අමතක නෑ මෙයා ගෝඨාට කඩේ ගිහින්, වැඩේ කෙළවුණාම අරගලය වෙලාවේ නිදහස් චතුරස්‍රය ළඟට වෙලා බෝඩ් ලෑලි උස්සගෙන හොරගල් අහුලපු හැටි ගැන. කට තිබ්බට, පරිපාලන විභාගේ පාස්වෙලා වැඩක් කෙරුවාට, රටක් කරන හැටි ගැන ඉගෙන ගන්න ඔයිට වඩා දේවල් තියෙනවා ලොක්කා...
අයියෝ අයියා දන්න තරම පාසල් ශිෂ්‍ය සංගමේ වේවා, මරණාධාර සමිතියේ වේවා, නිලවරණය පැවැත්වීමට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒත් මැතිවරණ කොමසාරිස්වරයා වෙලා ඉඳලා අන්තිමේ කොමිසමේ සභාපති වෙලා හිටපු කෙනෙකුට ලංකාව පුරා පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ හා ගමේ මරණාධාර සමිතියේ නිලවරණය සමානයි කියන්න පුළුවන් කමක් ලැබීම ජාතියේම අවාසනාවකි..!
පළාත් සභා ආරම්භ කරන්න පෙර දිස්ත්‍රික් පාලනය තිබුනේ දිසාපති කාර්‍යාල වලින් තමයි. 1992 උප දිසාපති කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල බවට පත්කළා... ඉතින් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල වලට වාහන ආදායම් බලපත්‍ර නිකුත්කිරීම පැවරෙන තුරුම ඒවා කලේ දිසාපති කාර්‍යාලයේ නිලධාරින් විසින් තමයි. බොහෝ කාලෙකට පෙර එම අංශයේ ප්‍රධානියා වෙලා ගුණරත්න කියලා මහත්මයෙක් හිටියා ඒ කාලේ... දැන් වගේ වාහන ලියාපදිංචි කළ දිනයට වර්ෂය සලකා ආදායම් බලපත්‍ර දුන්නා වුණත් ඒ කාලයේ ජනවාරි මස ආදායම් බලපත්‍ර අලුත් කරන්න ඕනෑ... ඉතින් අර ගුණරත්න මයා ඔහු මියයන තුරුම සෑම ජනවාරි මසකම කච්චේරියට (දිසාපති කාර්‍යාලයට) ඇවිල්ලා බලපත්‍ර නිකුත්කරන හැටි බලාගෙන ඉන්නවා සවස 4.15 වෙනතුරුම ඔහු ඒවා ගැන බලන්න පුරුදු වෙලා තිබුණා. යමක් සිතින් යමක් බදාගෙන වැළදගෙන හිටියා නම් ඔහුට මැරෙන තුරුම ඒවා අත් හරින්න බැහැ..
විශ්‍රාම ගියා නම් ගෙදර වැඩක් කරගෙන ඉන්න බයිලා ගහන්නේ නැතිව. පම්පෝරි කතා ගහලාම විශ්‍රාම ගියා කළ දේකුත් නැහැ.
හිටපු මැකෝ ඔයා එහෙම කිව්වාට මේ මැකෝ පස්මහ බැලුම් බලනවා ඕනෑ එකක් කරන්න. ඒ මදිවට රාහුකාලේත් බලනවා. ඒ සේරටම පස්සේ පිනාගේ කැමැත්තත් විමසලා බලලා තමයි වැඩේ කරන්නේ....!